Thursday, October 6, 2011

කවුද හිතුවෙ රුපියල් දෙදාහ ගනීවි කියල.....(හිනාවෙන්න නැත්නං අඩන්න!)

විශේෂ යමක් දාන්න කම්මැලියි. ඒ නිසා පුංච් කතාවක් දෙකක් දාන්න යන්නෙ.

දන්නව ඇතිනෙ එක එක්කෙනා සල්ලි තියාගන්න විදිය ගැන. පර්ස් එකේ, සාක්කුවේ වගේ එක එක තැන්වල සල්ලි දානවනේ. මට මතකයි මම දන්න සීය කෙනෙක් ඉන්නවා එයා සල්ලි දාන්නෙ අන්ඩර්වෙයාඑකේ තියන පුංචි සාක්කුවක් වගේ කොටසේ. කාන්තාවන් ගැන කතා කලොත් "එයාල සල්ලි දාන තැන් අතරෙ විශේෂ ස්ථානයක් තියනවා".(ඒ වාක්‍යයේ භාගයක් කියවගෙන එනකොට තැන මොකක්ද කියල තේරුනා නං නියම එල්.ඊ.ඩී. බල්බ්. තේරුනේම නැත්නං ටියුබ් ලයිට්:). මෙක කාන්තාවො දෙන්නෙක් අතරෙ ඇතිවෙච්ච කතාබහක්.

1වන කාන්තාව: මාර වැඩේනෙ උනේ, අද මහත්තයා බඩුගන්න රුපියල් දෙදාහක් දුන්න. ඒක පොකැට් ගහලනෙ.
2වන කාන්තාව: ඔය අතේ පර්ස් එක තියෙන්නෙ?
1වන කාන්තාව: නෑ නෑ සල්ලි තිබුනෙ හැට්ටෙ අස්සෙනෙ.
2වන කාන්තාව: ඉතිං ගන්නව දැනුනෙ නැද්ද?
1වන කාන්තාව: කවුද හිතුවෙ ඌ රුපියල් දෙදාහ ගනී කියල!

මේ සිද්ධිය මීට සතියකට විතර කලිං අපේ සෑම් අයියට සිද්ධවෙච්ච දෙයක්. සිද්ධිය වෙච්ච දවසෙ සෑම් අයිය මට මේක කිවුවෙ. මේකට හිනාවෙන්නද අඩන්නද කියල මට නං තේරෙන්නෙ නෑ.

සෑම් අයියගෙයි මගෙයි කතාව මෙහෙමයි.
මම: සෑම් අයිය කෑම ගෙනාවෙ නැද්ද?
සෑම් අයියා: මාර වැඩේනෙ උදේ සිද්ධවුනේ. ඒ වැඩෙන් මට අද කෑමත් නෑ.
මම: ඇයි මොකද?
සෑම් අයියා: රාජ් මහත්තය දන්නවද ...... ඉංග්‍රීසි සර් ඇතුලෙ කියලා.
මම: ඒ මොකද?

සෑම් අයියා: මිණිහා උගන්වන ගමන් ළමයින්ගෙ එක එක තැන් අල්ලලා ඒ ළමයි ගෙවල්වලට කියලා. අම්මලා තාත්තලා පොලිසියට කියලා ......සර් දැන් ඇතුලේ. ඔය සිද්ධිය අද උදේ මගේ නෝනයි දුවයි කතාවෙනව ඇහුනා. ඊට පස්සෙ දුව ඉස්කෝලෙ ගියාම නෝනා කියනවා, "...... සර් බැදලනේ, ඇයි මිණිස්සු මේවගේ දේවල් කරන්නෙ බැදලත්" කියලා. රාජ් මහත්තයෝ මටත් ඊයෙ රෑ ඇරියස් එකක් තිබුනා. මාත් ඇගටපතට නොදැනී නෝනට කිව්වා එහෙනං මාත් බැදලනේ....කියලා. නෝනට ඕකට තරහ ගිහිල්ල උයන එකත් නැවැත්තුවා. අද මට කෑමත් නෑ මහත්තයෝ....

14 comments:

  1. හික් පවු සෑම් අයියා.... කට නිසානේ ඔය ඔක්කොම.

    ReplyDelete
  2. මලා..සැම් අයියට කෑමත් නෑ ලෑමත් නෑ.....අයියෝ.....

    ReplyDelete
  3. @prasanna86k & Raj
    පව්! ඒ අහිංසකය ගැන මටත් දුකයි!

    ReplyDelete
  4. මේකට දාපු කොමෙන්ට් එකට මොකද වුනේ?

    ReplyDelete
  5. සෑම් අයියාගෙ කතන්දරය මරු!

    ReplyDelete
  6. Observer
    මොන එකෙයි?

    විසිතුරු
    හ්ම්!

    ReplyDelete
  7. නියම කථා දෙකම හොඳයි. මේනම් හාමිනේට පෙන්නන්න ඕනෙ. එතකොට එයා දන්නවනේ මමත් බැන්දලා කියලා.

    ReplyDelete
  8. අනේ පවු සෑම් අයියා....

    ReplyDelete
  9. අර ආච්චිලා සල්ලි දාන තැනට කියන්නේ "තංගල්ලේ බැංකුව" කියලා.

    ReplyDelete
  10. @වෙද ගෙදර මහ වෙදනා
    හපෝයි! ඔය හදන්නෙ ආහාර මුද්දරේ කපාගන්න.

    @Dinesh
    ඒකනේ!

    @මාතලන්
    බොලේ හැබෑටම! මම ඒක දන්නෙ දැන්. අපේ ගම්පලාතෙමයි.

    ReplyDelete
  11. බැඳපු මිනිස්සු කටවල් පරිස්සම් කොර ගන්න ඕන කියන්නේ ඕකට තමයි . . . හික්ස්

    ReplyDelete
  12. @දුකා
    ඒකනෙ කියන්නෙ!

    ReplyDelete
  13. කට හින්දලු සෑම් අයියා නහින්නෙ ......

    ReplyDelete
  14. @පන්සල් හංදිය
    ඒක අලුත් කියමනක් වේවි.

    ReplyDelete