Sunday, October 23, 2011

අවවාදයයි! පැවරීම අතපසු කල වාහන සදහා දිනකට රුපියල් සීයක් බදු.

පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කරන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඩී.බී.එල්. ධර්මප්‍රිය මහතා ප්‍රකාශ කරන පරිදි දින 15ක් ඇතුලත පැවරීම ‍සිදු නොකරන වාහන වලින් දිනකට රුපියල් සීයක බදු මුදලක් අයකිරීමට තීරණය කර ඇත.

මෙය තවදුරටත් පැහැදිලි කිරීම සදහා උදාහරණයක් ගෙන බලමු.

යම් පුද්ගලයෙක් 2007.01.01 දින අවුරුදු තුනකින් ගෙවීමේ ලීසින් පදනම මත වාහනයක් මිලදීගත්තේ යයි සිතමු.

එවිට වාහනය ලියාපදිංචිය සිදුවන්නේ(වාහනයේ පොත-CR-හි මෙය සටහන් වේ),
# අයිතිකරු අදාල පාරිභෝගිකයා ලෙසද,
# පරම අයිතිකරු ලීසින් සමාගමද ලෙසය.

නියමිත පරිදි වාරික මුදල් ගෙවූ පසු අයිතිකරුට වාහනය අයත් වන්නේ 2010.12.01 දිනයි. නව නීතිය අනුව එතැන් සිට දින 15ක් ලැබෙන අතර ඉන්පසු දිනකට රුපියල් 100 බැගින් දඩ මුදල් ගෙවීමට සිදුවේ.

පරම අයිතිය ලීසින් සමාගම සතුවද අයිතිය තමාගේම නමටද ඇතිවිට සාමාන්‍යයෙන් බොහෝ දෙනා පැවරීම සිදු කිරීම අතපසු කරන බව මා අත්දැකීමෙන් දන්නා කාරණයකි. ඒ අනුව අවුරුද්දක් ප්‍රමාදවූ වාහනයක් සදහා ගෙවීමට සිදුවන මුදල රු.36500.00කි.

අවුරුදු කිහිපයක් පැවරීම අතපසු කල වාහනයක දඩමුදල වාහනයේ වටිනාකමද ඉක්මවා යා හැකිය.

ප.ලි- ඔබ මෙම ගැටළුවට ලක්වී ඇත්නම් උපදෙස් ලබාදිය හැකිය. සහනදායී ගාස්තු! හරිගිය පසු මුදල්! වාරික වශයෙන්ද ගෙවිය හැක.:D

21 comments:

  1. හම්මේ සෑහෙන්න වටිනා ලිපියක්...
    මටනං අවුලක් නැහැ මොකද මොන ලබ්බ ගත්තත් ඒක ඉක්මනටම පවර ගන්න එක කරන හින්දා.. ඒත් අපේ නංගි කෙනෙක් ඉන්නවා..ඒකි බයික් එකක් අරගෙන දැන් අවුරුදු දෙකක් ට්‍රාන්සර් නොකර පදිනවා..මං යන්න ඕන ඒක ලයිසන් කරන්න හැම අවුරුද්දෙම දිවුලපිටි... කොච්චර කිව්වත් ඕක ට්‍රාන්සර් කරලා ඉන්න හරියට හදා ගනින් කියලා ඒකිත් ඒක ගණන් ගන්නෙම නැහැ...

    මෙදා පාරවත් බය වෙන්නේ නැතෑ... හැබැයි ද‍ඩේනං ඇග හීතල වෙන බිය උපදවන එකක්..කරන්න තියෙන්නේ ට්‍රාන්සර් පේපර්වල දින වෙනස් කරන ජිල්මාට් එකක් තමා...

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි. අනඟි අවවාදයක්. දැන් මේ ගැටළුවට අහුවුනු කෙනෙක්ට මේ ගාන අඩු කර ගන්න ක්‍රමයක් තියෙනවද?

    ReplyDelete
  3. මගේ හෙලිකොප්ටරෙත් ලීසිං කොරල තමයි ගත්තේ ... ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනි හි හි

    වැදගත් ලිපියක් .....

    ReplyDelete
  4. කතාව ඇත්ත,,, මගෙ යාලුවෙකුත් ලගදි 10,ක දඩයක් කෑව.

    ReplyDelete
  5. මම දන්න නීතියෙ හැටියට නං දඩය පටන්ගන්ට පුලුවන් ඔක්තෝබර් 01 දා සිටය. ඉන් එපිටදී අතපසු වු ඒවාට ඔක්තොබර් 01 දා පටන්ගෙන දඩ පැනවිය යුතුය

    ReplyDelete
  6. ලියාපදිංචි අයිතිකරුවෙකු විසින් වාහනයක අයිතිය පැවරීම එම්.ටී.ඒ 6 “ඒ”, “ඒ1”, “බී”, “බී1” හා එම්.ටී.ඒ 8 “සී”, “සී1” යන ආකෘති පත්‍ර වලට අනුකුලව කල යුතුය.

    1.ලියාපදිංචි අයිතිකරු දින 14 ක් ඇතුලත නියමිත පරිදි සම්පුර්ණ කරන ලද එම්.ටී.ඒ 6 “ඒ” ආකෘති පත්‍රය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත යැවිය යුතුය.එලෙස දැනුම් දීම පැහැර හරින අයිතිකරුවෙකු වරදකරුවෙකු වන අතර රු 3000 කට ‍නොඅඩු රු 6000 නොවැඩි දඩයකට යටත් විය යුතුය.

    2.“ඒ1” ආකෘති පත්‍රය තමා ලඟ තබා ගතයුතු අතර අනිකුත් ආකෘති පත්‍ර ලියාපදිංචි සහතිකය හා ආදායම් බලපත්‍රය අලුත් අයිතිකරුට භාරදිය යුතුය.

    3.අලුත් අයිතිකරු ලියාපදිංචිය සඳහා දින 14 ක් තුළදී ඉල්ලුම් කල යුතු අතර එම කාලය තුල එසේ නොකරන නව අයිතිකරුවෙකු 14 වන දිනයේ සිට දිනකට රු 100 බැගින් වු දඩයකට 44 වන දිනය දක්වා යටත් විය යුතුය.

    4.දින 44ක් තුල ඉල්ලුම් කිරීමට අපොහොසත් වන නව අයිතිකරුවෙකු වරදකරු වන අතර රු 5000 කට නොඅඩු හා රු 10000 ක‍ට නොවැඩි දඩයකට යටත් විය යුතුය.

    5.ව්‍යාජ ලේඛන හෝ ආකෘති පත්‍රයක් ඉදිරිපත් කරන අලුත් අයදුම්කරුවෙකු

    රු 10000 කට නොඅඩු රු 15000 නොවැඩි දඩයකට ය‍ටත්විය යුතුය.

    1.අයිතිය වෙනස් කිරීම සඳහා නව අයිතිකරු “බී1” සහ “සී” ආකෘති පත්‍ර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

    http://www.motortraffic.gov.lk/web/index.php?option=com_content&view=article&id=129&Itemid=160&lang=si

    ReplyDelete
  7. ලිපිය වගේම කමෙන්ටුත් හරිම වටිනවා.

    ReplyDelete
  8. ගොඩක් වටින ලිපියක් !!!

    ReplyDelete
  9. @දූපත් වැසියා
    ඒ කියන්නෙ දැනටමත් ක්‍රියාත්මකයි?

    @මාරයා
    පරක්කුව කියන්නෙ අපේ අනන්‍යකාවය වගේනෙ.මාරයියගෙ ක්‍රමේ හොදයි සාමාන්‍ය මිණිස්සු දෙන්නෙක් අතර වාහන ගණු දෙණුවකදී.ඒත් ලීසින් කොම්පැණි නං අදාල දිනේ හරියටම දාලනෙ එයාලගෙ ලියුම දෙන්නෙ.

    @වෙද ගෙදර මහ වෙදනා
    ඊමේල් කවිකාරිගෙ කොමෙන්ටුවෙ තියන විදියට අතීතයට බලපාන විදියට මේක හදල නෑ.එහෙම උනොත් හරි.

    @බුවා
    මං හිතුවෙ ඒක ගඩාපි අංකල් දුන්න එකක් කියල!

    @emailkavikaari
    බොහොම ස්තුතියි දැනුවත් කලාට.මගේ ලිපියට වඩා හොදයි ඔයාගෙ කොමෙන්ටුව.

    @Weni
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  10. සියල්ලන්ටම,
    ඊමේල් කවිකරිගෙ ලින්ක් එකෙන් ගිහින් බැලුව. ඒකෙ සදහන් වෙන්නෙ මම කියපු දඩය නෙවෙයි. මම කියපු විස්තරේ ගිය ඉරිද ලංකාදීපෙ තිබුනෙ. මම හිතන විදියට මේක තාම ක්‍රියාත්මක නෑ වගේ. අපිවත් තාම දැනුවත් කරල නෑ. කවුරුහරි ඉන්නව නං ඉක්මන් කරන එක ඇගට ගුණයි.මොකද අතීතයට බලපාන්න ගැහුවොත්.

    ReplyDelete
  11. 2009 අංක 08 දරණ මෝටර් ‍රථ වාහන (සංශෝධන) පනත අනුව ඇති නීතියකි. ක්‍රියාත්මක වන්නේ 2011 ඔක්තෝබරයෙ සිටය. ආපස්සට බලපානවා. නීතිය දැම්මෙ 2009 නිසා

    දින 44ක් තුල ඉල්ලුම් කිරීමට අපොහොසත් වන නව අයිතිකරුවෙකු වරදකරු වන අතර රු 5000 කට නොඅඩු හා රු 10000 ක‍ට නොවැඩි දඩයකට යටත් විය යුතුය.

    කියන්නෙ අපෙ ඇදුරු තුමා. එතුමා නීතිඥයෙක් නොවෙයි.

    ReplyDelete
  12. එහෙනං ඉතිං හරි.ආයෙත් කියනවා බොහොම ස්තුතියි.

    ReplyDelete
  13. මේ ලොක්කා මම බයික් එකක් ගත්තා ඒක තිබුනෙ මම ගත්ත එකාගෙ නමටත් නෙමේ මුල් අයිතිකාරයගේ නමට, පොර ඕපන් ට්‍රාන්සර් පේපර් සයින් කරලා තිබුනෙ, මම ගත්ත එකත් ඒක ඒ විදියටම මට දුන්නා, මමත් තව එකෙක්ට ඒ විදියටම විකුණුවා, දැන් මොකද වෙන්නෙ .........

    මටත් උසාවිගානෙ ගිහිං දඩ ගෙවන්න වෙයිද බං, අනේ පැහැදිලි කරලා දෙනවනං දිවියලෝකෙ යන පිනක් ........

    ReplyDelete
  14. ඕකනේ මම වාහනයක් නොගෙන ඉන්නේ

    ReplyDelete
  15. @පන්සල් හංදිය
    ඒක ගැටළුවක් වෙනඑකක් නෑ.

    @හිස් අහස
    ඒකනෙ.එතකොට මොකුත් ප්‍රශ්න නෑ.

    ReplyDelete
  16. @පන්සල් හංදිය
    වාහනේ උඹේ ලග නැත්නම් මොකටද බයවෙන්නෙ!

    ReplyDelete
  17. මෙහෙමයි රාජ් සමහර දේවල් වාල් ක්‍රියා පටිපාටිය හරියට නොකෙරෙනවනම් දඩ අය කර ගන්න එක මම නම් හිතන්නේ බොහොම හොඳ වැඩක් . .

    ඒකෙන් මිනිස්සු බොහොම දෙනෙක් අද දේ අදම කරන්න පෙලඹෙයි කියලා මම හිතනවා . .

    ඒ අතරෙම ලීසින් කොම්පැනි වලින් කෙරෙන අතපසුවීම් වලින් ගැලවෙන්න නම් අදාල ලිපි ලේඛන හරියාකාරව ලඟ තබා ගන්නත් පෙලඹෙයිනේ . .
    සාක්ෂරතාවය සියයට අනූ ගනන් වෙච්චි රටේ සිදුවෙන සිදුවීම් වලට මිනිස්සුන්ගේ සංවේදීතාවය ගැන අපිට වැටහීමක් තියෙනවනේ . .

    ඒකට හේතුව කියවන්න පුලුවන් උනාට හිතන්න බැරි කම . .

    මේ ව්ගේ නීති දැම්මාම හිතන එක පටන් ගනී කියල මම හිතන්නේ

    ReplyDelete
  18. වැදගත් ලිපියක් මචො....ලිව්වට සිතුතී...

    ReplyDelete
  19. @දුකා
    නීතිරීති පැනවීම හා ඒවා තදින් ක්‍රියාත්මක කිරීම ගැන මගෙත් විරුද්ධත්වයක් නෑ. ඒක වියයුත්තක්.හැබැයි සාක්ෂරතාවය තිබුන උනත් ගොඩක් දේවල් නොදන්න අහිංසක මිණිස්සු ඉන්නවා.(අපේ පැතිවල වැඩියි).ඒ අය ගැන නං දුකයි.

    @Raj
    ස්තුතියි.

    ReplyDelete
  20. Ihave bad news friends. it is 100 rs per day and they are charging it for the ones of the past as well.This news is from a lawyer. This is accurate. up to now they have earned lot of money for the government

    ReplyDelete