Thursday, October 20, 2011

ක්ෂේත්‍රගත සමගිය.

මා යතුරු පැදියෙන් අද දින උදෑසන තරමක් ප්‍රමාදවී කාර්යාලයට පැමිණෙමින් සිටින අතර ඉදිරියෙන් පැමිණි යතුරු පැදියෙන් අනතුරු හගවන සඥා එලියක් දැල්විණි. ඔහුගේ පරමාර්ථය ඉදිරියෙන් පොලිසිය සිටින බව මාහට දැන්වීමය.

මෙම අත්දැකීමට මුහුණ නොදුන් රියදුරකු සිටිය නොහැකිය.

මේ කාරණාව සමග සාකච්ඡා කිරීමට යන්නේ එක් එක් ක්ෂේත්‍ර වලට සීමා වී ඇති සමගිය හා අසමගිය ගැනය. එහි සුලභම උදාහරණයක් වන්නේ පොලීසිය සහ රියදුරන්ය. මේ ක්‍රියාව එතරම්ම ප්‍රඥා ගෝචර නූනත්(මක්නිසාද යත් මාර්ග නීතිරීති තුට්ටුවකටවත් නොතකන මගමරුවන්ටද මේ තුලින් නීතියෙන් ගැලවීමට අවකාශ සැලසේ) ජාති ආගම් කුල භේද නොසලකා පොදු (පොලිස්) සතුරාට විරුද්ධව නැගී සිටින හැටි අපූරුය. මෙහිදී කෙනෙකුට උදව්වක් කිරීමේ චේතනාව සහ පොලීසියෙන් පළිගැනීමේ චේතනාව යන දෙකම තිබිය හැකිය. සමහර රියදුරන් පොලීසියේ දඩයකට ලක්වූ විට ඉදිරියට පැමිණෙන සෑම වාහනයකටම සඥා ලබාදෙති.

දැන් අපි තවත් ක්ෂේත්‍රයක් ගනිමු. මා 2006 වසරේ රැකියාව ලැබාගත් අතර එහිදී කාර්යාලයට ඉදිරිපත් කලයුතුව තිබූ වෛද්‍ය සහතිකය ලබා දීමට පමාවිය. ඒ සදහා රෝහලකට ගිය අවස්ථාවේදි මගේ පිහිටට පැමිණියේ මාගේ ක්ෂේත්‍රයේම වැඩකරන නිලධාරිණියන් කිහිපදෙනෙකි. ඊට පෙර දැක හෝ නොතිබූ ඔවුන් මා වෙනුවෙන් ඉතා විශාල කාලයක් ශ්‍රමයක් වැයකලේ මාද ඔවුන්ගේ කෙනෙක් යන හැගීමෙනි.

මා දන්නා, තවත් සිද්ධියක් නම් එක්තරා රෝහලක වෛද්‍යවරයෙකුගේ වැරැද්දෙන් රෝගියෙකු මියගිය අතර මරණ පරීක්ෂණය සිදුකල වෛද්‍යවරයා මරණයට හේතුව වසං කර වෙනත් හේතුවක් දැක්වූයේ තමාගේ වෘත්තීය සගයා ආරක්ෂා කිරීමයි.

මෙහි ප්‍රතිවිරුද්ධ පැත්තක්ද ඇත. ජ්‍යෝතිෂයේ සිටින "අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරී" පක්ෂීන් මෙන් අසමගිකම් සහිත ක්ෂේත්‍රද ඕනෑතරම් ඇත.

උදාහරණයක් ලෙස තමා අයත්වන අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් ගැන ගුරුවරයෙකුගෙන් ඇසුවහොත් ඔහුගෙන් සුද්ධ සිංහල වචන මාලාවක් අසාගතහැකිය.

රෝහලක සිටින කාර්යමණ්ඩලය අතුරින් ‍ප්‍රථිකාරවලට සම්බන්ධ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, සාත්තු සේවකයන් ආදීන් සහ එහි පරිපාලන කටයුතු වලට සම්බන්ධ නිලධාරීන් අතර ඇත්තේද එකිනෙකා නුරුස්සන ස්වභාවයක් වන අතර අවස්ථාවක් ලද සැනින් එකිනෙකාගෙන් පළිගැනීමට මොවුන් සැරසී සිටිති.

මා අධ්‍යනය කල යම්යම් ක්ෂේත්‍රවල නිරත වන්නන් මෙසේ වීමට නිශ්චිත-පොදු හේතුසාධක සොයාගැනීමට අපොහොසත් වුවත් ඉතා කුඩා සිද්ධීන් මේවාට මූලිකවි ඇත.

මා දන්නා කාර්යාලයක මෙවැනි භේදයක් තිබූ අතර එහි දෙපාර්ශවය වූයේ 2004 වසරේ රජයේ උපාධිධාරී වැඩසටහන යටතේ පත්වූ උපාධිධාරීන් සහ ඊට පෙර කාර්යාලයේ සිටි අනෙකුත් නිලධාරීන්ය. භේදය ඇතිවීමට හේතුව ඉතා සුළු සිද්ධියක් වුවත් ප්‍රථිපලය වූයේ කාර්යාලයේ කාර්යක්ෂමතාවයට බාධා ඇතිවීමයි.

මේවා සීයට සීයක්ම නැවැත්විය හැකි සිදුවීම් නොවේ.

කුමන පාර්ශවයකට අයත් වූවත් තමා ඉදිරියේ සිටින්නා දෙස මිතුරු ආකල්පයකින් බැලීමට හැකිවු දිනෙක සමාජය මීට වඩා යහපත් තැනක් වනු ඇත.

20 comments:

  1. මෙවැනි දේ අපේ රටේ බහුල වීමට හේතුව නීතියේ ආදිපත්‍යගැන ජනතාවට ඇති අපැහැදීමයි. අනෙක් තම තමන්ගේ රාජකාරි හරියට කරන්නේ නම් මෙවැනි දේ අවශ්‍ය වන්නේද නැත. ලොවේ කොතැනත් එක ක්ෂේත්‍රයේ අය එකට සිටී. ඒ ගැන විවාදයක් නැත. නමුත් වරදක් කල විටක එය නොසඟවයි. ලංකාවේ එසේ වන්නේ මම කියපු නීති ප්‍රශ්නේ නිසාමයි.

    ReplyDelete
  2. @වෙද ගෙදර මහ වෙදනා
    ඔව් නීතියෙ අඩුපාඩුත් තියනවා. ඒත් නීතිය මොකක් උනත් වෙනස් වියයුතු දේවලුත් මේ අතර තියනවා.

    ReplyDelete
  3. නීතියේ පොඩ්ඩක් නෙමේ රාජ් මහා ගොඩාක් අඩුපාඩු තියෙනවා..කොටින්ම කියනවානම් නීතුය කියන දේ ගැන් තුට්ටුවක් තරම්වත් මායිම් කරන්න අපේ රටේ ජනථාව කැමති නෑ..ඒක නීතිය විසින්ම ඇතිකරගත්ත තත්වයක්....

    කාටද මේවාට වැරදි කියන්නෙ...

    නීතිය කඩන මිනිස්සුන්ටද.....රජයටද...නීතියටද...නීතිය බල්ලට දාපු අයටද...

    ReplyDelete
  4. ජෝතිෂ කාරයින් විතරක් නෙවෙයි , මොඩ්ලර්ස් ලා නිලියො , නලුවො මේ යත් එකාට එකා නැ

    (ලංකාවේ නම් දැන් ඉරිසියා කරන්න තරම් වෘත්තීය සාර්ථකත්වයක් හෝ ලස්සනක් තියන නිලියො නැ , ඉන්න රටවල ඔය ඉරිසියාව හොඳටම තියෙයි )

    ReplyDelete
  5. මාත් දැකලා තියෙනවා සමහර ඩ්‍රැයිවර්ලට පොඩි සිග්නල් පාරක් දීගෙන යනවා. ඉස්සරහා පොලිසියෙන් ඉන්නවා කියලා.

    ReplyDelete
  6. මම ඒත් බැලුවා අර එයාර්-පොර්ට් ඉඳන් යනකොට මූනට හම්බවෙන කාර්වල අය ලයිට් ගහ, ගහ යන්නේ කියලා. මේක තමයි රහස එහෙනම්...:D


    //මේවා සීයට සීයක්ම නැවැත්විය හැකි සිදුවීම් නොවේ.//

    මේක තමා සම්පූර්න ඇත්ත.

    ReplyDelete
  7. ලයිට් ගහගෙනම යන උන් නැති උන දාට උඹ පතන ළෝකය සැදෙයි..

    ReplyDelete
  8. මචො මොනදෙකට විරුද්ධව වැඩකලත් අපේ අයියලා ට්‍රැෆික් පොලීසිය ඉස්සරහට එද්දී එක්කාසුවෙනව...
    ඇත්ත උඹකියන එක හරි..කොහේ උනත් වැඩකරන තැන උන් එකට සමගිව හිටියේ නැත්නම් ඉහල පරිපාලකයො එකේ වාසිය ගන්නව...තව තවත් බේද කරන්නමයි බලන්නේ...
    ඔය සිද්දීය සුලබව තියෙන්නේ රාජ්‍ය අංශයේ තමා...අනික බලපං ඔය යුනියන් කාරයො කරන කඹ ඇදිල්ල....මොකැ මාත් ඉතින් බාගේට හරි රජෙ සෙවකය නොවැ

    ReplyDelete
  9. මම දන්න තරමට බහුතරයක් ට්‍රැෆික් රාලහාමිලා මොනවා හරි වැරද්දක් පටලවලා දඩයක් දෙන්නමයි උත්සහ කරන්නේ .

    අන්න ඒ අය ඒ වැඩ නවතපු දිනවලදී ඔය ලයිට් ගහන අයත් ඒවැඩේ ඉබේටම නවතාවි .

    කිසිම දෙයක් සර්ව සම්පූර්ණ කරන්න බෑ නෙව . අල්ලන අයයි අහුවෙන අයයි දෙගොල්ලොම මිනිස්සු !

    ReplyDelete
  10. දම්රුවන්October 20, 2011 at 10:15 PM

    //මා දන්නා කාර්යාලයක මෙවැනි භේදයක් තිබූ අතර එහි දෙපාර්ශවය වූයේ 2004 වසරේ රජයේ උපාධිධාරී වැඩසටහන යටතේ පත්වූ උපාධිධාරීන් සහ ඊට පෙර කාර්යාලයේ සිටි අනෙකුත් නිලධාරීන්ය. භේදය ඇතිවීමට හේතුව ඉතා සුළු සිද්ධියක් වුවත් ප්‍රථිපලය වූයේ කාර්යාලයේ කාර්යක්ෂමතාවයට බාධා ඇතිවීමයි.//

    අපේ කාර්යාලයෙත් ඒක ජයටම තිබුනා. මේකට ප්‍රධාන වශයෙන් බලපෑවේ ඒ වන විට හිටපු නිලධාරීන් උපාධීධාරීන් ගැන ඇතිකරගෙන තිබූ වැරදි වැටහීම්. ඒ මදිවට අර උපාධිධාරිනුත් (කිහිපදෙනෙක් පමනක්) හැසිරුනේ “සියල්ල දත්“ කට්ටිය වගේ. ඉතින් බේදය දුරදිග ගොස් තිබුනා. අප (උපාධිධාරී නොවන නිලධාරීන්) කිහිප දෙනෙක් ඔවුන සමග මිත්‍ර වෙලා දැන් රාජකාරි වගේම සුබසාධන වැඩත් හොඳින් කරගෙන යනවා.
    ඇත්තටම ඒ අය අතරෙ ඔය කියපු සමගිය තදින්ම තියෙනවා. ඉතින් ඔය කියන ක්ෂේත්‍රගත සමගියේ හොඳ නරක දෙකම තියෙනවා තමයි. උදාහරණත් ඔබගේ සටහනේම තිබුනේ.

    ReplyDelete
  11. පන්සල් හංදියOctober 20, 2011 at 11:34 PM

    මිනිස්සු ඔය විදියට නිකං හැසිරෙන්නෙ නැහැනෙ, අනිවා අනික් පැත්තත් බැලන්ස් උනාම ඔය වැඩ නවතියි .......

    ReplyDelete
  12. බ්ලොග් ලෝකයේත් පුදුම සමගියක් නේද තියෙන්නේ.
    මං ලියනවා අනිත් අය බලනවා.අනිත් අය ලියනවා මං බලනවා!

    ReplyDelete
  13. @දිල්
    //ඒක නීතිය විසින්ම ඇතිකරගත්ත තත්වයක්// ඒක හරි. ඒත් 100%ම රජයටම වැරදි කියන්න බැරි දේවල් ඕන තරම් සමාජයේ තියනවා.ඉස්සරහට හමුවන හැම එකාටම ලයිට් ගැහිල්ලත් ඒවගේ.

    @බුවාගේ සිතුවිලි
    මං හිතන්නෙ මං කියපුදේ බුවාට හරියටම ඩයල් උනේ නෑ."අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරී පක්ෂීන්" ගැන ජ්‍යෝතිෂයෙ තියනවා.ඒ කියන්නෙ ඕනම කෙනෙකුගෙ කේන්දරයට අදාලව පක්ෂියෙක්, වෘක්ෂයක්, නැකතක්...ආදිය තියනවනේ.මං කිවුවෙ ඒ ගැන. බුවා මතුකරපු කාරණාවත් හරි.

    @Podi Kumarihami
    මේක අරමුණු දෙකකින් ගහනවා.ඉස්සර කිරීමේදී ප්‍රමුඛතාවය ලබාගන්න ගහනවා.අනතුරු හගවන්න ගහනවා.තැනේ හැටියට මොකටද කියල තේරුම්ගන්න ඕන.

    @මාතලන්
    උඹට නං මං කියන ඒවා හැමදාමත් විහිළු. (ඇත්තටම විහිළු තමයි ඒත් මගේ කට කහනවට කියනවා බං)

    @Raj
    අනේ මං දන්නෙ නෑ උඹයි මායි සමහරුන්ට ටැපලෙනවා,උඹ Raj මම රාජ් කියල තේරුම්ගන්න බැරිව. හරි ඒකට කමක් නෑ භාගයක් රාජ්‍ය සේවයෙ කිව්වෙ අම්ම හරි තාත්ත හරි දෙන්නගෙන් එක්කෙනෙක් රාජ්‍ය සේවයේද?:D

    @හිස් අහස
    //කිසිම දෙයක් සර්ව සම්පූර්ණ කරන්න බෑ නෙව . අල්ලන අයයි අහුවෙන අයයි දෙගොල්ලොම මිනිස්සු//
    මට නං හිතෙන්නෙ "සත්තු නෙවේනෙ" කියන ටිකත් අගට දැම්මම එන අදහස.

    ReplyDelete
  14. @දම්රුවන්
    ඔව් රාජ්‍ය සේවයේ තමයි ඔය තියන තරං කුණු තියෙන්නෙ.එකෙක් දෙන්නෙක් හොද උනාට ගොඩක්දෙනෙක් හොදනෑ. බලාගෙන ඉන්නෙම ඇගට පනින්න. බොහොම ස්තුතියි ආවට.

    @කතන්දර
    ඒක ඇත්ත. බ්ලොග් ලෝකයෙත් බොහොම සමගියක් තියනවා. බලන්න දිලුම් වෙනුවෙන් එකතුවුන හැටි.

    ReplyDelete
  15. @පන්සල් හංදිය
    පලමු අඩිය පස්සට ගන්නෙ කවුද?

    ReplyDelete
  16. ඔවු බං ඔය පැටලිල්ල පස්සේ හරියයි...
    බාගයක් කිව්වේ....මම රාජකාරී කොරන්නේ ඔය කට්ටියම හම්බකරපුව ඉතුරු කොරන්ට යන එන තැනකනේ මචො. ඉතින් රජයට අයිති ප්‍රධාන ඉතුරු කොරන තැන් තුනේන්...ඔය රජයටම අයිතී කියලා තියෙන එකේ මචං...හැබැ අගේ අම්මයි තාත්තයි දෙන්නම රජයේ සෙවකයෝ...දැන්නං පැන්සොං අරන් දෙන්නම ගෙදර....

    ReplyDelete
  17. හරියටම හරි . අත්දුටුවයි . සෞඛ්‍ය සේවයේ රාජකාරි මට්ටමින් වලි පොලි අඩුවක් නැහැ . හෙදියෝයි සුලුසේවකයෝයි වලි . දොස්තර - අතුරු වෙද වලි. ඒ වගේම තමයි අර කිව්ව වගේ ලෙඩක් දුකක් හැදිලා වාට්ටුවේ හිටියොත් සෞඛ්‍ය සේවයේ කියල පොඩි හරි සැලකිමකුත් තියනවා .

    ට්‍රැෆික් රාළහාමිලට විරුද්ධව නම් පාරේදී රියදුරන් අනුගමනය කරන්නේ ''සතුරාගේ සතුරා මගේ මිතුරාය '' ප්‍රතිපත්තිය .

    ReplyDelete
  18. @Raj
    එහෙනං උඹ තුන්කාලක් රාජ්‍ය සේවයේ.:D

    ReplyDelete
  19. @Bindi
    ඔව්.මේක වලි වලින් පිරි දේශයක්.

    ReplyDelete
  20. හ..හා..ඔවු මනේ බං

    ReplyDelete