Monday, October 17, 2011

විශ්වාසවන්ත කොල්ලො දෙන්නෙක් හොයල දෙන්න බැරිද?

ලංකාවෙ අපි අමතකවීම අතින් ඉන්නෙ අංක එකේ කියල කියන්න අටුවා ටිකා ටිප්පණි ඕන නෑනේ. අපේ අයට ඕනම දෙයක් මතක තියෙන්නෙ සතියක් විතරයි. මේකෙන් කාලයක් හොදටම ප්‍රයෝජන ගත්තෙ ප්‍රභාකරන් උන්නැහේ. දැං එයා නැතත් අපේ පුරුද්ද එහෙමමයි. මේ කියන්නෙත් ඊට සම්බන්ධ කතාවක්.

මගේ යාලුවෙක් ඉන්නව රවී කියල (මං හිතන්නෙ එයාගෙ කතාවකුත් දාල තිබුනා). එයාට එයාගෙ යාළුවෙක් වන විදුලි උපකරණ වලට ප්‍රසිද්ධ සමාගමක මැනේජර් කෙනෙක් කතා කරනවා මෙහෙම.

මැනේජර්: මචං රවී මට හොද විශ්වාසවන්ත කොල්ලො දෙන්නෙක් හොයල දෙන්න බැරිද ෂොප් එකේ වැඩට?
කොහොමහරි මගේ යාළුවා මැනේජර් මහත්තයගෙ අවශ්‍යතාවය ඉෂ්ට කරල දුන්නා.

ඊට පස්සෙ සතියක් ඇතුලත සිද්ධ වුනේ හොයල දීපු "විශ්වාසවන්ත" කොල්ලො දෙන්නගෙන් එකෙක්, ඒකෙ වැඩකරපු වැඩට දක්ෂ හොදම කෙල්ලත් එක්ක පැනල ගිය එක. මේ සිද්ධියට අදාලව කෙල්ලගෙ පාර්ශවයේ චෝදනා වලට මුහුණදෙන්නත් මැනේජර් මහත්තයට සිද්ධ වුනා. ඊට දවස් කිහිපයකට පස්සෙ සතියෙ දවසක ෂොප්එක වහල තියන නිසා මගේ යාළුවා ඒගැන විපරම් කරපු වෙලාවෙ තමයි සිද්ධිය දැනගත්තෙ.

තවත් සතියයි ගියේ මැනේජර් මහත්තයා ආයෙත් මගේ යාළුවට කතාකරල කියනවා,
"රවී මට හොද විශ්වාසවන්ත කොල්ලො දෙන්නෙක් හොයල දීපං"

21 comments:

  1. ඊළඟට හොයලා දෙන් උන් දෙන්නා මොනවා කර යයිද මන්දා ?

    ReplyDelete
  2. රැ වැටුනු වලෙ දවලුත් වැටීමද

    ReplyDelete
  3. හරි හරි මෙදා පොටේ ඔය ලැස්තිවෙන්නේ...දැවැද්ද නොදීම මැනෙජර් මහත්තයා තමන්ගේ කෙලී පොඩ්ඩව..දීලාදාන්ඩ....නැත්තං ඉතින් තවත් විස්වාස වන්ත කොල්ලො හොයයියැ වැඩට....
    ( මැනේජර් උන්නැහැට දුවල දෙන්නේක්ම ඇති මයේ හිතේ..හි..හි..)

    ReplyDelete
  4. @Weni
    බලමුකෝ...

    @බුවා
    ඒවගේ තමයි. ඒකනෙ මං කිවුවෙ ලාංකිකයන්ගෙ හැටි ඉස්සෙල්ලම.

    @Raj
    එහෙමත් වෙන්න පුළුවන්.

    ReplyDelete
  5. කෙල්ලෙක් එක්ක පැනලා ගිය එක විස්වාසය කර කිරීමක් කියලා නොහිතන හොඬ්න්හ මැනේජර් කෙනෙක් . . එල

    ReplyDelete
  6. @දුකා
    ඒ තර්කයත් හරි තමයි. ඔයවගේ තර්ක වලට මම හරිම කැමතියි. බලන්න මේවත් ඒවගේ,
    01.කතරගම දේවාලය හැර අනෙකුත් දේවාල වල දියවඩන නිලමේලා සදහා.....
    02.ශ්‍රී ලංකාවේ පවත්වන ක්‍රිකට් තරග විකාශය ක්‍රීඩා සදහා පමණක් වෙන්වූ පෞද්ගලික නාලිකා වලටද....

    ReplyDelete
  7. ඊට පස්සේ හොයලා දෙන දෙන්නත් තව විස්වාසවන්ත කොල්ලෙක් එක්ක පැනලා ගියොත් බොසා මොකද කරන්නේ ???

    මරු සේවිකාවෝ දෙන්නා !!!!

    ReplyDelete
  8. සතියකින් කෙල්ළෙක් එක්ක යාළුවෙලා, ඒකිට ජොබ් එකත් දාලා මූ එක්ක යන තරමට පොළඹවා ගන්න පුළුවන් කමක් තියෙන, ඒ මදිවාට අතට හම්බ වෙච්ච ජොබ් එක සතියකින් දාලා යන්න පුළුවන් තරම් ගටක් තියෙන මේ කියන කොල්ලා නම් නියම පොරක් විය යුතුයි!

    ReplyDelete
  9. @මධුරංග
    රවී අයියා කියපු කතාව එයාගෙ අවසරයක් නැතුවයි බ්ලොග් එකේ දැම්මෙ. මීට චුට්ටකට කලිං ඒක මම රවීට කිවුවා. එයා කියපු විදියට පැනලගිය කොල්ල දැං ආයෙත් වැඩලු. කෙල්ල නං නෑ.

    ReplyDelete
  10. @කතන්දර
    කතන්දර කෙල්ලගෙ පැත්ත හිතල නෑනෙ. කොල්ලෙක්ව සතියක් ආශ්‍රය කරලා, අවුරුදු ගානක් කරපු රස්සාවත් දාලා ඌත් එක්ක පැනල යන්න කෙල්ලට කොච්චර ගටක් තියෙන්න ඕනද මං අහන්නෙ.:D

    ReplyDelete
  11. අපෝ ගෝලයොද, දැන් මම හිතාන ඉන්නේ උන් ඉන්න නිසා මම ලෙඩ්ඩු බලනවා. නැත්නම් මගේ උපාධි වැඩ ඒවා කැලේ. උන් නිසා තමයි මගේ ලෙඩ්ඩු සනීප වෙන්නේ. කොටින්ම මම පාඩම් කරලා නිදි මරලා ගත්තු දේවල් කිසිම වැඩක් නැහැ. මුන් නැත්නම්. ඔන්න ඕකයි තත්ත්වේ.

    ReplyDelete
  12. @වෙද ගෙදර මහ වෙදනා
    ඔය තියෙන්නෙ ගෝලයො ගැන හොද අත්දැකීම්.

    ReplyDelete
  13. මාර චාන්ස් පොට් එකක්නෙ ...
    ඊගාව වාසනාවන්තයා කවුද එහෙනම් ...

    ReplyDelete
  14. හ්ම්. කවුරු ඉස්සර වෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
  15. ඕකට තමා කියන්නේ ටැලන්ට් එක කියලා..නිකන් කෙනෙක්ද ඉතින් දක්ෂම කෙනාවම තෝරාගෙන තියෙන්නේ ඒක තමා..

    ReplyDelete
  16. ගෝලයෝ ඉන්න කාටත් ඔහොමයි. විශේෂයෙන් කිසිම අයිතිවාසිකමක් නැතුව. හිඟන පඩියක් දෙන තැන්වල.. ඔඩෙල් එකේ කොල්ලො කී දෙනෙක් මගෙන් රස්සාවල ඉල්ලල තියෙනවද.

    ReplyDelete
  17. ඊළග වාසනාවන්තයා කවුරුන් වේවිද?? ඒ මැනේජර් රෑ වැටුන වලේ හැමදාම වැටේවි වගේ..

    ReplyDelete
  18. අය්යේ මොකද හිතන්නේ කැමති නැද්ද ඉතින් වෙකන්සිය පුරවන්න

    ReplyDelete
  19. @ රාජ්
    මට හොද විශ්වාසවන්ත කොල්ලො දෙන්නෙක් හොයල දීපං,මගෙ කෙල්ලො දෙන්න නං දැන් බැඳල. ඒත් මොනා හරි කොරල දෙන්න බලන්නං.

    @ මාතලන්,
    "ඔඩෙල් එකේ කොල්ලො කී දෙනෙක් මගෙන් රස්සාවල ඉල්ලල තියෙනවද"
    හිකිz

    ReplyDelete
  20. මමත් මේ දවස් වල ජොබක් හොයමින් ..

    ReplyDelete
  21. @ChammA
    ඒකනෙ ඒකනෙ.දැං ආයෙත් එතන වැඩ

    @මාතලන්
    :D

    @Dinesh
    නෑ ආයෙත් එහෙම වෙන එකක් නෑ.

    @දේවා ගේ අඩවිය
    මම බැන්දනෙ බං

    @Observer
    ලාස්ට් රෝ එකේ ඇහෙන කතා අනුව ඔබාට කොල්ලන් සප්ලයි කල නොහැක.

    @හිස් අහස
    අන්න උඹ නං හරියටම හරි වැඩේට. වයසත් හරි මං හිතන්නෙ. මොකෝ වැඩේ කරමුද?

    ReplyDelete