ගත්ත
ඇරියස්
ටිකට වත්,
Please!
දෙන්න
බැරිද
ආතල්
එකක්?
(ලකුණු 57ට විකට් 3ක් වූ මොහොතේදීය. පිංතූරය-The Hindu)
ගත්ත
ඇරියස්
ටිකට වත්,
Please!
දෙන්න
බැරිද
ආතල්
එකක්?
(ලකුණු 57ට විකට් 3ක් වූ මොහොතේදීය. පිංතූරය-The Hindu)අද කියන්න යන්නෙ උසාවියෙ කතා දෛකක්. දෙකම 100%ක් ඇත්ත. මට කිව්වෙ මගේ මාමණ්ඩි. දෙකම "අපේ" උසාවියෙ සීන්.
අපේ උසාවියට පත්වෙලා ආව ජජ් කෙනෙක්. එයා මාරම සැරයි. කලියෙන් නම් වැඩකරන අයගෙ වාහන උසාවිය ඇතුලට ගේන්න අවසර දුන්නත් මෙයා ආවට පස්සෙ ඒකත් තහනම් කලා. ඊට පස්සෙ උසාවියට වාහනේ ගන්න පුළුවන් එතුමාටයි නීතීඥ මහත්තුරුන්ටයි විතරයි. වෙනද පුරුද්දට ත්‍රීවීල් හයර් කරගෙන උසාවිය ඇතුලටම ආව අයට දඩගැහුවෙ ත්‍රීවීල් පදවගෙන ආව අයියලටත් එක්ක.
ඔන්න දවසක් මේ විනිශ්චයකාරතුමා උසාවියට යන්න, ටවුමට ඇවිල්ල ත්‍රී විල් එකකින් උසාවිය ලගට ආව. ත්‍රීවිල් අයිය වැඩේ දන්න නියා ගේට්ටුව ලග නැවැත්තුව. ජජ් කිව්ව ඇතුලට දාන්න කියල. එතකොට ත්‍රීවීල් අයිය කියනවා,
"අපෝ බෑ...මහත්තයනං කියයි. දැං ඉන්නෙ උගෙ අම්මගෙ ජජ් කෙනෙක්. වාහනයක් දැම්මත් දඩගහනව...... මහත්තය බැහැල යන්න" කියල.
තමංගෙම නීතිය නිසා ජජ්ට ගේට්ටුව ලග බහින්න සිදුවුනත් උන්නැහේ බහින ගමන් ත්‍රීවීල් එකේ නොම්මරේ ලියාගන්න අමතක කලේ නෑ. වෙච්ච දේ කියන්න ඕන නෑනෙ. උදේ ඉදල හවස් වෙනකන් කූඩුවෙ ඉදල රුපියල් පන්දාහකුත් පූජකරන්න උනා ත්‍රීවීල් අයියට.
######################################################### අනිත් කතාවත් ඇහෙන්නෙ ඒ උසාවියෙන්මයි.ඒක ටිකකලකට කලිං සිද්ධවෙච්ච එකක්. එතනදීත් සිද්ධවුනේ ජජ් කෙනෙක් අළුතින් ආපුඑක. මෙයා යාපනේද කොහෙද මණුස්සයෙක්. සිංහලත් හරියටම බෑ. මණුස්සය දිහා බැලුවම ජජ් කෙනෙක් කියල හිතන්නත් බෑ. මෙතුමා දවසක් ක්වාටස් එකේ ඉන්නව සරමක් ඇදගෙන කෙසෙල් ගස් වලට සාත්තු කරමින්. මේ වෙලාවෙ අවාසනාවන්ත තැපැල් පියුං මහත්තයෙක් ආව ගේට්ටුව ලගට ලියුමක් අරගෙන. දැක්ක කෙසෙල්ගස් වලට සාත්තු කරමින් ඉන්න විනිශ්චයකාරතුමා. පියුං මහත්තය හිතුවෙ මේ ඉන්නෙ වත්තෙ වැඩකරන කෙනෙක් කියල. ඉතිං කතාකලා,
"ඒයි, මෙහාට වරෙං" කියල. ඒත් "වැඩකාරයා" බැලුව විතරයි එන්න වගක් නෑ. ඊට පස්සෙ ආයෙත් කතාකලා, "ඕයි, මෙහාට එනව. තමුසෙලයි නඩ්ඩට ලියුමක් තියනව අරං පලයං" කියල.වැඩකාරය උදැල්ල පැත්තක තියල ගියා ඇතුලට. ගිහිං පොඩි වෙලාවකින් එලියට එනව ෆුල් කිට දාල!
කොදු නාරටිය දිගේ දැනිච්ච පොඩි සීතලකුත් එක්ක පියුං මහත්තයට මොලේ පෑදුනා. ඇතුලට ගිහිල්ල දොහොත්මුදුන් දීල බිම දිගාවෙලා ජජ්ට වදින ගමන් කියනව,
"අනේ නඩුකාර හාමුදුරුවනේ...මම පවුල් කාරයා....ළමයි හයදෙනෙක් ඉන්නව....මගේ රස්සාව බේරල මට සමාව දෙන්න හාමුදුරුවනේ...." බ්ලා බ්ලා බ්ලා...
කොහොමහරි නඩුකාර හාමුදුරුවන්ගෙ දීර්ඝ ලෙක්චර් එකක් අහල විතරක් වැඩේ ගොඩිං බේරගන්න පියුං මහත්තය දක්ෂ උනා.
මා උසස්පෙළ විභාගයට ටියුෂන් යන සමයේ සිසුන්ගේ ප්‍රධාන විනෝදාංශය වූයේ ගුරුවරුන් තම ක්ෂේත්රයේ ප්‍රතිවාදීන් සම්බව්ධයෙන් කරන විවේචනයන් හුවමාරුකර ඔවුන් ඇවිස්සීමත් ගුරුවරුන් කේන්ති ගැස්වීමත්ය. මෙයින් අත්වූයේ එක් ප්රයෝජනයකි. එනම් අසා සිටීමට අපහසු වූත් නීරස වූත් විෂය කරුණු වෙනුවට කේන්තියෙන් පුපුරණ ගුරුවරයාගේ වදන් මාලාව අසා සිටීමට හැකිවීමය. උදෑසන පන්තිය පටන්ගැනීමේදී ඉදිරියට යවන තුණ්ඩු කැබැල්ලකින් පැවසෙන්නේ අහවල් ගුරුවරයා සර් සම්බන්ධයෙන් පැවසූ දේවල්ය. කුකුල් කේන්තිකාරයන්ට එය ප්‍රමාණවත් වන අතර එතැන් සිට පැය භාගයක් පමණ කාලයක් අප ඔහුගේ "විෂය බාහිර දේශනයට" සවන් දෙන්නේ හද පිනායන සතුටිනි.
මා ටියුෂන් සදහා පැමිණියේ තංගල්ලට වන අතර ගුරුවරුන් අතරින් ශුද්ධ ගණිතය ඉගැන්වූ ගුරුවරුන් අතර පැවතියේ මහත් තරගයකි. ව්‍යවහාරික ගණිතය ඉගැන්වූයේ ජනක අබේවර්ධන සර් වූ අතර ඔහුට අභියෝගයක් වියහැකි අයෙකු නොවූ බැවින් එම විෂය සදහා මෙවැන්නක් පැනනැගුනේ නැත. අනෙක් විෂය වූයේ භෞතික විද්‍යාව වූ අතර රසායන විද්‍යාව ඉගැන්වූ ගුරුවරුන් කලහකාරී නොවූ "ඇවිස්සීමට නොහැකි" අයවලුන් විය.
මෙසේ උග්‍ර තත්වයට පත්වූ ගැටළු දෙකක් අදත් මගේ මතකයේ ඇත.එකක් නම් ශුද්ධ ගණිතය ඉගැන්වූ විජය විදානපතිරණසර්ට "x tanx" යන්න අනුකලනය කරනමෙන් ජයන්ත සෝමසිරි සර් කරන ලද අභියෝගයයි. විජය සර් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු නොවූ අතර ඔහු එන්.ඩී.ටී. පාළඨමාලාව හැදෑරුවකු විය. (එයද සම්පූර්ණ කර නොමැත). විශ්ව විද්‍යාලයේ නොගියකු හට ශුද්ධ ගණිතය ඉගැන්වීමට බැරිබව ඔප්පුකිරීමට අභියෝගයක් ලෙස මෙම ගැටළුව ඉදිරිපත් කෙරිණි. මේ සමයේ මෙම ගුරුවරුන් දෙදෙනාගේම (සහ අපගේ) කාලයෙන් විශාල ප්‍රතිශතයක් අදාල ගැටළුව සම්බන්ධ විවාදයට නාස්තිවිය. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල සමයේද මෙම ගැටළුව විසදීමට මාහට නොහැකිවිය. දැන් මෙම කාරණා අමතක වී ඇතිවාට සැක නැත්තේ අභියෝග කල ගුරුවරයා ජීවතුන් අතරද නොමැති බැවිනි.
දෙවන ගැටළුව මීටත් වඩා දුරදිග ගොස් ප්‍රදේශයේ සියළුම ගුරුවරුන් දෙපිළකට බෙදී වාදකිරීම දක්වා ඇදුනු සිද්ධියකි. ගැටළුව ඉදිරිපත් කලේ භෞතික විද්‍යාව ඉගැන්වූ සත්‍යානන්ද විජේසේකරසර් වූ අතර මුලින්ම ඊට අභියෝග කලේ එම විෂයම ඉගැන්වූ රුවන්පතිරණ සර්ය.
ගැටළුව මෙසේය,
රූපයේ දක්වා ඇති ආකාරයට වායුව පිරවූ බෝලයක් ජල භාජනයක පතුලට ගැටගසා ඇත්තේ එම පද්ධතිය තරාදියත් මත ඇතිවිටය. තරාදියේ පාඨාංකය මෙවිට යම් අගයක ඇත. යම් ක්‍රමයකින් සම්බන්ධක නූල කපාදැමූ විට තරාදියේ පාඨාංකය වෙනස්වේද නොවේද යන කරුණ සම්බන්දයෙනි ගැටළුව ඇතිවූයේ. සෑම අවස්ථාවකදීම තරාදිය මත ඇති බාහිර බලය නියත නිසා රුවන් පතිරණ සර්ගේ අදහස වුයේ පාඨාංකය වෙනස් නොවේය යන්න වූ අතර අනෙක් පාර්ශවයට සත්‍යානන්ද, ජනක, ජයන්ත සෝමසිරි යන ගුරුවරුන් එක්විය.සෛද්ධාන්තික කරුණු අවසානයේ ප්‍රායෝගිකවද තම මතය ඔප්පු කිරීමට රුවන්පතිරණ සර් පෙරමුණ ගත් අතර යට සිට උඩට වෙනුවට උඩ සිට යටට (ප්‍රායෝගික පහසුව සලකා) බෝලයක් ගිල්වා තම මතය ඔප්පු කලේය. ඔහු මෙහිදී රබර් බෝලයක් තුලට යන්තම් බරක් එක්කර බෝලය ගිල්වූ අතර අනෙක් පාර්ශවය නියෝජනය කල එම ආයතනයේම ඉගැන්වීම කරගෙන ගිය ජනක සර් වැඩි බරක් බෝලය තුලට දමා පරීක්ෂණය සිදුකර තරාදියේ පාඨාංකය වෙනස්වන අයුරු ඔප්පු කලේය. ප්‍රතිඵලයක් නොමැතිව අවසන්වූ මෙම ගැටළුව, අවසානයේ අයතනයේ පාලකයාට (ඔහුද පාසල් ගුරුවරයෙකි) සිදුවූයේ මේ විවාදය නතරකරන ලෙස ගුරුවරුන් දෙදෙනාගෙන්ම ඉල්ලා සිටීමටය.
හරි අද වංසෙ කබල්ගාන්න යන්නෙ. මොකද කියනවනං අමාරුවෙන් පටංගත්ත මගේ නවාතැන 10000 වාරයක් පිටු පෙරලිලා කියල සටහන්වෙලා තියනව. ඇත්තටම කිව්වොත් මේක පටන් ගන්නකොට මගේ ටාගට් එක උනේ පෝස්ට් 50ක් හෝ හිට්ස් 10000ක ප්‍රමාණයකින් නවත්තන්න. ඒත් ලිව්වට වැඩිය ලියන්න හිතේ තියෙද්දි නවත්තන්නත් බෑනෙ. :D
බොහෝ දෙනෙක් වගේ මාත් බ්ලොග් කියවන්න පටන්ගත්තෙ අහම්බෙන් සිංහල බ්ලොග් කියවනයට ගොඩවැදිල. ඊටත් කාලෙකට පස්සෙ බ්ලොග් එක පටන් අරගෙන මාරයගෙයි රංගගෙයි තල්ලුවෙන් තමයි ගොඩ ආවෙ. ලාංකීය සිංඩියට එන්ටර් උනාට පස්සෙ දිගටම ලියන්න ගත්ත. දැන් ඒ ගාන 64ක් වෙලා. ඒත් ඒකාලෙ මම ආසාවෙන් හැමදාම ගොඩවැදුන සිංහල බ්ලොග් කියවනයට බ්ලොග්එක දාගන්න ට්‍රයි කලත් බැරිවුනා.
මගේ බ්ලොග් එකේ පිවිසුම් 10000ක් සටහන් වෙච්ච වෙලාවෙ මතක් කරන්න ඕන නම් ගොඩාක් තියනව. එයින් උඩින්ම ඉන්නෙ මුල් කාලෙ මගේ පෝස්ට් වලට කමෙන්ට් කරල ලියන්න ශක්තියක් ලබා දුන්න නලිනි චන්දිමා. අනිත් අය තමයි බ්ලොග් වලට තල්ලුව දුන්න මාරයා සහ මගේ ලෝකය ලියන රංග. ඊට පස්සෙ කතන්දර(ලාංකීය ඇරුනම ඊලගට බ්ලොග් එකට ආපු අය ඇවිල්ල තියෙන්නෙ කතන්දරගෙ ප්‍රමෝට් එකෙන්. එහෙම බැලුවම මට ඒක සිංඩියක් වගේ), දුකා, ලකී, පංසල් හන්දියෙ කල්හාර, මාව සිංඩියට දා ගත්ත මාතලන්, බුවා, වෙදගෙදර මහවෙදනා, අහම්බෙන් මුණගැහුනු RAJ, මධුරංග, සබිත්, දිනේෂ්, සදරු, ඔබා අයිය, වර්ණා, ලොකුපුතා, නරකය, මියුරු, වින්චැට් කිරිල්ලී, ඔබ නොදුටු ලොවක්, පොඩි කුමාරිහාමි, විසිතුරු, සෑම්, දිල්, වෙනී, පිස්සා පලාමල්ල,...ආදී මෙකි නොකී සියල්ලන්මත්, ඒ වගේම විශේෂයෙන් ලාංකීය සිතුවිලි (කරන්නෙ කවුද දන්නෙ නෑ), අඹගහයට, මාතලන්ගෙ සිංඩිය ආදී සිංඩිකේටර් ඇඩ්මින්ලාටත්,
බොහොම ස්තුතියි!මේ අයගෙ තියන විශේෂත්වය තමයි මම දන්න කියන කිසිම කෙනෙක් මේ අතර නෑ. අඩුගානෙ ෆෝන් එකෙන් (එකවරක්) කතාකරල තියෙන්නෙත් පන්සල් හංදියෙ කල්හාර විතරයි. ඒ වගේම මගේ එක යාළුවෙක් ඇරෙන්න කිසිම කෙනෙක් මට බ්ලොග් එකක් තියනව කියලත් දන්නෙ නෑ. අන්න ඒකයි මේ 10000 මට වටින්නෙ.
අද විශේෂ මොකුත් කියන්නෙ නෑ. මම ලියපු පෝස්ට් අතරින් මම කැමතිම පෝස්ටුව ඕනනං මෙතනින් බලල යන්න.
උඹෙ අම්මට
හෙට උදේට
පෙන්නන්නට
බැරි උනාට.....
හුග කලකට
ඉස්සරියෙන්
මටත් හොරෙන්
උඹයි මගෙන්
උදුරගත්තෙ (?)
හැදිච්චකම!
අද කියන්න යන්නේද කූඩ පිළිබදවය. එහෙත් ඇමතිතුමාගේ කූඩ ගැන නොවේ. මේ වනවිට ඒ ගැන කතාකල ප්‍රමාණය ප්රමාණවත්ය. මා කීමට යන කූඩ ගැනකතාකිරීමට හොදම මේ කාලයයි. සමහර විට බ්ලොග් ලියන මුළු කාලයේම මීට වඩා හොද අවස්ථාවක් නොලැබීමට පුළුවන.
"කූඩ" කිව් විට මගේ මතකයට එන්නේ තාත්තා විසින් සාදනු ලැබූ අපේ ගෙදර ඇති විවිධ ප්රමාණවල වේවැල් කූඩය. 90% පමණ කෘෂිකර්මාන්තයෙන් දිවි සරිකරගන්නා අපේ ගමේ කූඩවලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. මූලිකවම කූඩ ප්‍රයෝජනයට ගන්නේ කුඹුරු ගෙවිතැනේදීය. කුඹුරක් වැපිරීමට පෙර ඉසින "මඩපෝර" නමින් ගොවියන් හදුන්වනු ලබන පොහොර මිශ්‍රණය කුඹුරට ඉසීමේ සිට අස්වනු නෙලා වී මැණීමේ කාර්ය දක්වා භාවිතාවන එකම උපකරණය කූඩයයි.
කූඩ සාදාගැනීම විවිධ ප්‍රදේශ වලදී විවිධ අමුද්‍රව්‍ය භාවිතා වේ. ඒ අතරින් වේ වැල් ප්රමුඛ වන අතර බට ගස් හා සමහර වැල් වර්ග භාවිතා කරන ප්‍රදේශ ඇත. කූඩ සාදාගන්නේ මෙසේය.
මුලින්ම වේවැල් කෑපීම සිදුකරයි. මෙය වේවැල් තැලීම යනුවෙන් හදුන්වයි. මේ සදහා තෝරාගන්නා වැල් වර්ගය අප ප්‍රදේශයේ හදුන්වන්නේ "වේරෑන" යනුවෙනි. වේරෑන යනු අධික කටු සහිත වැල් වර්ගයකි. (මේවායේ රතු පැහැති ගෙඩි සෑදෙන අතර ඒවා කුඩාකල කෑමට ගත්තෙමු). කූඩා සදහා තෝරාගනු ලබන්නේ මීටර හතරක් හෝ වඩා දිග වේරෑන වැල්ය. මුලින්ම, කපාගන්නා ලද මෙවැනි වේරෑන වැල්වල කටු ඉවත්කරගනී. ඉන්පසු එය මදක් පවනේ වේලා දෙකට-හතරට ආදී වශයෙන් පැලීම සිදුකරයි. එක් කෙලවරක් පිහියකින් කපා එතැන්සිට දෙපසම සම ප්‍රමාණයක් සිටිනසේ පැලීමට දෑත් පුරුදුකර තිබියයුතුය.
මෙසේ කුඩා කරගන්නා ලද වේවැල් කොටස්වල තියුණු දාර පිහියක් ආධාරයෙන් ඉවත්කරගනී. මෙය වේවැල් මැදීම ලෙස හදුන්වයි. ඉන්පසු ජලය මුළුමනින්ම ඉවත්වනසේ අව්වේ තබා වේලාගනී.
මෙසේ සකස්කරගත් වේවැල් කූඩ විවීමට සුදුසුය. කූඩය සාදාගන්නේ මෙසේය.
මුලින්ම මීටර දෙකක් පමණ දිග වේවැල් අටක් ගෙන ඒවා හතර බැගින් කතිරයක ආකාරයට තබාගනී(1රූපය).
ඉන්පසු එම වැල් ගරාදි හැඩයට සකස් කරමින්ද වෘතාකාර වනසේද එකක් උඩින් හා යටින් ඇතුළුවනසේද දිගු වැලකින් වෙලීම සිදුකරයි.(2රූපය)මෙය තරමක් දුරට සිදුකර ඉන්පසු විහිදුවන ලද වැල් ඉහලට ඔසවමින් වක්‍ර ස්වභාවය ඇතිකරගන්නා අතර අවසානයේ අගලක පමණ මහත වැලක් පිටත දාරයට එක්කර සවිමත් කරගනී.
වේවැල් ආශ්රිත විවිධ කර්මාන්ත ඇති අතර වේවැල් සදහා ගූගල් සෙවීමේදී ප්‍රථිඵල වැඩි ප්‍රමාණයක් ලැබුනේ "වේවැල් පහරදීම්" වැනි පුවත්ය.
අද දිනයේ වෙනත් මාතෘකාවක් ගැන ලිවීමට සිතා සිට්යත් ඊයේ දිනයේ සහ මීට ටික වේලාවකට පෙර දුටු දර්ශන කිහිපය නිසා මෙය ලිවීම කල්දැමිය නොහැක.
ඔව්! ප්ලාස්ටික් කූඩ! මේ වනවිට රට උණුසුම් කරමින් සිටී. මෙය සටහන් කරන මොහොත වනවිටද කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ බටු, වම්බටු, පතෝල, මෑකරල් ආදී විවිධ එලවළු- ගොවීන්ගේ දහදිය මහන්සියෙන් වගාකර පොළට ගෙනවිත් ඇති එලවළු- රැගෙන යන්නේ මීගොඩ හෝ දඹුල්ල බලා යන එළවළු වෙළදුන් නොව ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්ටරයයි. ඊයේ දිනයේදී ද මා ජීවත් වන ප්‍රදේශයේ ඇති එළවළු වෙලදපලෙන් එළවළු මිලදීගන්නා ලද්දේ එදිනෙදා, එහිම එළවළු විකුණන සුළු වෙළදුන් පමණක් වූ අතර තොග වෙළදුක් නොපැමිණීමෙන් අතිරික්තයන් ප්‍රාදේශිය සභාවේ කුණු ට්රැක්ටර වලට පැටවිණි.
එළවළු ගෙනයාමේදී ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කිරීමත් සමගම මෙම තත්වය ඇතිවිණි. වෙනදා මෙන් සාමාන්‍ය අයුරින් ගෝණිතුල බහා වෙළදුන් රැගෙනගිය එලවළු ලොරි පිටින්ම අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත්කල බව ප්රවෘත්ති විකාශයේදී කියැවිනි. අර්බුදයේ මූලිකයා වන "කූඩ ජොනී" යයි වෙළදුන් පෝස්ටර් වලින් හැදින්වූ වෙළද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය අමතමින් ප්‍රකාශ කලේ තම වැඩපිළිවෙල හකුලාගැනීම කිසිසේත්ම සිදු නොකරන බවයි.
එහෙත් මෙය ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද? නැත. මෙය ශ්‍රී ලංකාව වැනි රටක එක්වරම ක්‍රියාත්මක කිරීමෙන් අර්බුධ ගනනාවක් ඇතිවිය හැකි ප්රශ්යකි. ඒ මොනවාද?
ඇමතිවරයා පවසන ආකාරයට ප්‍රවාහනයේදී සිදුවන සියයට 5ත් 20ත් අතර වන හාණිය වලක්වා එමගින් පාරිභෝගිකයාට දැරියයුතු ගාස්තුව අඩුකිරීම මෙහි පරමාර්ථයයි. එහෙත් මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් එළවළු මිල අඩුකිරීම කලහැකිදැයි බලමු.
එළවළු මිල සදහා බලපාන කරුණු සාමාන්‍යයෙන්(කෙටියෙන්) මේවාය; 01. එලවළු නිෂ්පාදනයේදී ගොවියා දරණ පිරිවැය. 02. අස්වනු නෙළීමේ ගාස්තු. 03. වෙළදපලට ගෙනයෑමේ වාහන ගාස්තු. 04. පොළ බදු. 05. තරාදි බදු. 06. එළවළු මිලදීගත් තොග වෙලෙන්දාගේ ප්‍රවාහන ගාස්තු සහ ඔහුගේ කොමිස් මුදල. 07. ප්‍රවාහන හාණිය නිසා අපතේයන එළවළු සදහා දැරීමට සිදුවන මුදල.(මෙය තොග වෙලෙන්දා හෝ අවසානයේ සිටින සිල්ලර වෙලෙන්දා දරාගනී)කූඩ භාවිතයේදී අවසාන එළවළු මිල සදහා ඉහත සදහන් සාධක වල අංක 03 සහ 07 සැලකියයුතු වෙනසක් සිදුවේ. එනම් කූඩ මිලදීගැනීම සදහා සහ වෙළදපලට ගෙනයෑම සදහා ගොවියාට දෙවරක් වැඩි මිලක් දැරීමට සිදුවේ. කූඩයක මිල රුපියල් එක්දහස් පන්සීයක් යයි සැලකුවහොත් ගෝනි 5ක් අස්වනු ඇති ගොවියාට කූඩ 10ක් මිලට ගැනීමට සිදුවේ.(ගෝනි 1ක්=කූඩ 2ක් පමණ වේ). ඊට අමතරව නිවසේ සිට වෙළදපොලට ගෙනයාම සදහා අමතර වාහන ගාස්තුවක් දැරීමට සිදුවේ.
අනෙක් පැත්තෙන් වෙලෙන්දාට දැරීමට සිදුවන අමතර වියදම් බලමු.සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 6000ක් ගෙනයාහැකි යයි නිර්දේශිත වාහනයක(වාහනය නිෂ්පාදකයාගෙන්) කිලෝග්‍රෑම් 10000ක පමණ ප්‍රමාණයක් දැනට ගෙනයනු ලබන අතර කූඩ මගින් ගෙනගියහොත් මෙම ප්‍රමාණය හරි අඩක් අඩුවේ. අවසානයේ තොග වෙලෙන්දාට සිදුවන්නේ තම වාහන කුලිය දෙගුණයක් ගෙවීමටය. අනෙක් අතට ඔහුටද කූඩ මිලදීගැනීමට සිදුවන අතර ආපසු පැමිණෙන හිස් වාහනයේද කිසිවක් ගෙනඒමට නොහැකි වන්නේ කූඩ තොගය රැගෙන ආයුතු නිසාය.
මෙම කාරණා පැරණි ක්රමයේ හාණිය සමග සංසංදනය කලහොත් නව ක්‍රමයෙන් එළවළු මිල වැඩිවීමක් මිස අඩුවිමක් බලාපොරොත්තු විය නොහැක.
ගොවීන්ගෙන් මුදල් අයකර ලබාදුන් ගොවි විශාම වැටුප නොවැම්බර් සිට නවත්වා ඇති අතර ඒ පිළිබදව කිසිදු පියවරක් ගැනීමට මේ දක්වා කටයුතු කර නොමැති තත්වයකදී, මෙවැනි අමනෝඥ තීරණ මගින් සිදුවන්නේ සියළුදෙනා අපහසුතාවයට පතිවීම පමණි.
රාජ්‍ය සේවය පිළිබද ලිපි ගනනාවක් ලිවීමට සිතේ තිබුනත් එන්න එන්නම ප්‍රමාද වූයේ රාජකාරී බහුලවීම නිසා වුවත් දුකාට පොරොන්දු වූ පරිදි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා ගතයුත්තේ කුමන ක්‍රියාමාර්ගදැයි සාකච්ඡා කිරීම මෙහි පරමාර්ථයයි.
කෙසේ වුවද දුකා සදහන් කල පරිදි අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ප්‍රවාහන ප්‍රශ්න නොවේ. හේතු අනුපිලිවෙලින් සටහන් කලහොත් ප්‍රවාහනය යන කාරණය ඉතාමත් පහලට පැමිණෙනු ඇත.
මාගේ අත්දැකීම් අනුව අකාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතු හතරක් දැක්වියහැකිය.
01. සියලු මට්ටම් වල අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්.
02. රාජ්‍ය සේවයට සම්බන්ධ කාර්යන්වල පවතින සංකීර්ණ ස්වභාවය.
03. මහජනතාවගේ(පාරිභෝගිකයන්ගේ)නොදැනුවත් ස්වභාවය.
04. කාර්යක්ෂමතාවය සදහා රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම.
දැන් එක් එක් හේතු වෙනවෙනම සලකාබලමු.සියලු මට්ටම් වල අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්.
අකාර්යක්ෂම රාජ්යසේවයේ මූලය අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන් බව අවිවාදිතය. රාජ්‍ය සේවකයන් මෙසේ වීමට හේතු ඕනෑතරම් දැක්වියහැකි වුවත් "පෙරකල පුරුදු කරගෙන පැමිණිලෙස" රාජකාරී කිරීම ඉන් පළමුවැන්නයි. අන් සියළු කාරණා ඊට පහලින් පිහිටන ඒවා බව මගේ හැගීමයි.
උදාහරණයක් වශයෙන් පාසල් අධ්‍යාපනය හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කල සැනින් රාජ්‍ය සේවයට පැමිණෙන තරුණ නිලධාරියෙකු සලකා බලමු. ඔහුට රැකියාවට පැමිණ කාර්යක්ෂමව වැඩකලහැකි වුවත් එසේ සිදුවේද? නැත. ඔහුට ඉහලින් හෝ පහලින් සිටින නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවයේ-වේගයේ තරමට ඔහුට හැඩගැසීමට සිදුවීම සාමාන්‍ය සංසිද්ධිය වේ. කාර්යාලයක් යනු සාමූහික වගකීමක් ඇති ස්ථානයක් වන අතර එක් අයෙකුට පමණක් "පවතින තත්වය" වෙනස් කිරීම ඉතා අසීරුය. මීට ප්‍රතිවිරුද්ධ පැත්ත සිදුවන පෞද්ගලික අංශය සැලකුවහොත්, එහිදී නවක නිලධාරියෙකුට දක්නට ලැබෙන්නේ කාර්යක්ෂම වෘත්තීය සගයන් පිරිසකි. එහිදී ඔහු ඊට අනුගතවීම නිරායාසයෙන් සිදුවන්නකි.
"රාජ්‍ය සේවයේ ගලායන ප්රවාහයට එරෙහිව උඩුගං බලා පිහිනීමෙන් ඉතිරි වන්නේ මහන්සිය පමණි"
මෙම අකාර්යක්ෂමතාවයට හේතු ලෙස විවිධ හේතූක් දැක්වුවද ඒවා එතරම් පිළිගතහැකි මට්ටමේ හේතු නොවේ. උදාහරණ ලෙස වැටුප් වැඩි නොවීම ආදිය ගෙනහැර දැක්වුවද එය එතරම් සාධාරණ තර්කයක් නොවන බව ඉදිරියේදී පැහැදිලි කරමි.
මෙහි දෙවැන්න නම් රාජ්‍ය සේවයට සම්බන්ධ කාර්යන්වල පවතින සංකීර්ණ ස්වභාවයයි. වඩාත් පැහැදිලි කලහොත් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් මගින් ඉටුකරන කාර්යන් සංකීර්ණත්වය අනුව පෙළගස්වන්නේ නම් වඩා වගකීම් සහිත කාර්යන් ඇත්තේ රාජ්‍ය අංශයේය. මේ සමග බැදී ඇති අණපනත් නීති රෙගුලාසි වලට යටත්ව අදාල සේවය ඉටුකරදීමේදී සේවකයන් හා පාරිභොගිකයන් යන දෙපක්ෂයම අපහසුතාවයට පත්වීම නොවැලැක්වියහැකි සංසිද්ධියකි. පසුගිය සමයේ ගංවතුර පැමිණ ජනතාව අපහසුතාවයට පත්වීම ඔබට මතක ඇතැයි සිතමි. ඒ අවස්ථාවේදී ජනතාව අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ "ජනතාව අපහසුතාවයට පත්ව ඇති මේ අවස්ථාවේ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි සංග්‍රහය ආදියේ කුමක් තිබනද ඒ ගැන නොසිතා අපහසුතාවයට පත්වූ ජනතාවට පිහිටවන්න" යනුවෙනි. එහෙත් අවස්ථාව කුමක් වුවද නීතිරීති වලට පිටින් කටයුතු කිරීම විගණන විමසුම් වලට පිළිතුරු සැපයීමේ සිට රැකියාවෙන් එළියට යාමට සිදුවීම දක්වා වන දඩුවමට ලක්වීමට හේතුවක් බව දන්නෝ රාජ්‍ය සේවකයෝය.
අකාර්යක්ෂමතාවයට බලපාන අනෙක් කාරණාව වන්නේ සේවයක් අපේක්ෂාවෙන් පැමිණෙන ජනතාවගේ නොදැනුවත්කමයි. මෙය එතරම් කතාබහට ලක් නොවුවද සෘජුවම මහජනතාව සමග කෙරෙන රාජකාරී හා සම්බන්ධවී ඇති මා හට මේ සම්බන්ධ අත්දැකීම් ඕනෑවට වඩා ඇත. සේවාවන් ලබාගැනීම සම්බන්ධයෙන් මෙ වනවිට යම් යම් උපදෙස් ලබාගැනීමට විධික්රම සලසා තිබුනද සේවාදායකයන් ඒවායෙන් ප්‍රයෝජනයක් ලබාගන්නා බවක් නොපෙනේ. උදාහරණයක් වශයෙන් 1919 ඇමතීමෙන් රාජ්‍ය සේවාවන් පිළිබදව හා රාජ්‍ය ආයතනවල දුරකථන අංක ලබාගත හැකි වුවද එයින් ප්‍රයෝජන ගන්නේ කීයෙන් කීදෙනෙක්දැයි වැටහෙන්නේ ඔවුන් කිසිදු දැනුවත් වීමක් නොලබා කාර්යාල වලට පැමිණීමෙනි. අවසානයේ සිදුවන්නේ සේවයක් අපේක්ෂාවෙන් පැමිණෙන්නා රස්තියාදු වී සමස්ථ රාජ්‍ය සේවය පිළිබදව අයහපත් හැගීමක් ඇතිකරගැනීම පමනි.
අවසාන කරුණ වශයෙන් දක්වතත් කාර්යක්ෂමතාවය සදහා රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම යන කාරණාවද සැලකියයුතු මට්ටමින් දීර්ඝව සාකච්ඡා කලහැකි මාතෘකාවකි. විශේෂයෙන්ම දක්ෂ තරුණ කොටස් රාජ්‍ය සේවයෙන් ඈත්වීමට රාජ්‍ය සේවක වැටුප් ප්රශ්නය විසදීම රජයේ වගකීම වේ. එසේ නොවුවහොත් විශේෂයෙන්ම පිරිමි අයවලුන් අවම වීම තුල රාජ්‍ය සේවය මීට වඩා පිරිහීමකට ලක්වීමට අනාගතයේ ඉඩ ඇත. රාජ්‍ය මැදිහත්වීම ලබාදියයුතු අනෙක් අංශය වන්නේ නව තාක්ෂණය හදුන්වාදීම තුලින් කාර්යක්ෂමතාවය ඇතිකිරීමයි. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධ කරගන්නා අංශයන් ඇත්තේ අල්ප වශයෙනි.
එක් එක් අමාත්‍යංශයන් යටතේ ඇති රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවයන් අතර ඇත්තේද විෂම ස්වභාවයකි. උදාහරණයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදියේ ඇති කාර්යක්ෂමතාවයෙන් අඩක්වත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති අධ්‍යාපන හා පළාත් අධ්‍යාපන කාර්යාල වල නොමැත. අප කාර්යාලවල ඇති පරිගණක යන්ත්‍ර ඇගිලි සලකුණු කිරීමේ යන්ත්‍ර ආදිය කිසිවක් බොහෝ කාර්යාලවල නොමැති අතර සේවකයන්ට ලබාදෙන පුහුණු වැඩසටහන් ආදියද නොගිණියහැකි තරම් අවම තත්වයේ පවතී.
ලිපිය දිර්ඝ වනබැවින් අකාර්යක්ෂමතාවය ඇතිවන ආකාර පිළිබදව විස්තර කිරීම නවතා කාර්යක්ෂමතාවය වැඩිකිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සලකා බලමු.
මා ඉහත සදහන් කල 02, 03, 04 යන අකාර්යක්ෂමතාවයන්ට හේතුසාධක වලට පිළියම් ලෙස කලහැකි දේ, ඒ තුලම ඇති බැවින් විස්තර නොකරමි.
අංක 01 වන ප්‍රධාන කරුණ වන අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන් පිලිබද ප්‍රශ්නයට විසදුම් ලෙස මා යෝජනා කරන්නේ මෙවැන්නකි.
රාජ්‍ය සේවය තුල වැඩ ඒකක ක්‍රමයක් ඇතිකිරීම හෙවත් උපයන ප්‍රමාණයට ගෙවීම.
මෙහිදී එක් එක් නිලධාරියාගේ වර්තමාන රාජකාරී ලැයිස්තුව තෝරාගෙන එහි ඇති එක් එක් විෂයන්ට අදාලව වටිනාකමක් ලබාදෙයි. උදාහරණයක් වශයෙන් මාගේ රාජකාරී ලයිස්තුව සැලකුවහොත් එහි ඇති ප්‍රධාන විෂයයන් වනුයේ "මාසික බැංකු සැසදුම පිලියෙල කිරීම", "අත්තිකාරම් ගිණුම", "යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව" ... යනාදියයි. මෙහිදී රාජකාරියේ වැයකල යුතු ශක්ති ප්‍රමාණය අනුව ඊට අදාල වටිනාකම මෙසේ ලබාදිය හැකිය.
මාසික බැංකු සැසදුම පිලියෙල කිරීම = 1
අත්තිකාරම් ගිණුම = 4
යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව = 1
මෙවිට මා කරන කාර්ය ප්‍රමාණය ඒකක 6කි. මෙසේ යම් කාර්යාලයකට අයත් සියලුම රාජකාරී එහි නිලධාරීන් අතර සමසේ බෙදාදිය යුතු අතර නිලධාරියෙකු විශ්‍රාම ලබන විට ඔහුගේ ඒකක ප්‍රමාණය කැමැත්තෙන් භාරගන්නා අයවළුන්ට ඒකකයකට හිමි යම් මුදලක් ලබාදියයුතුය. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් වසර කිහිපයකදී රාජ්‍ය සේවකයන් ප්‍රමාණය සෑහෙන ප්‍රතිශතයකින් අඩුකරගතහැකි අතර කාර්යක්ෂමතාවය වැඩිවීම මෙන්ම සේවක වැටුප්ද වැඩිවීම සිදුවේ. (මෙම ක්‍රමය තුලින් 20% පමන ප්‍රතිශතයකින් රාජ්‍ය සේවකයන් අඩුකලහැකි බවද මේ ක්‍රමයට රාජ්‍ය සේවකයන් කැමතිවන බවටද සෑහෙන විශ්වාසයක් මා තුල ඇත)
2001 වර්ෂයේ පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව රාජ්‍ය සේවක බදවාගැනීම තාවකාලික නවතාදැමුවද ඒ සමග සිදුවූ විශ්‍රාම වැටුප් කප්පාදුව හා කාර්යක්ෂමතාවය සදහා වෙනමම වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකිරීම නිසා එය අසාර්ථක විය(සේවක අප්‍රසාදයටද ලක්විය).
සාර්ථක සහ ඵලදායී රාජ්‍ය සේවයක් ක්‍රියාත්මක වේ නම් මා ඉහත සදහන් කල ප්‍රතිශතයකින් සේවකයන් අඩුවීම අනිවාර්ය ප්‍රතිපලයක් වන අතර එය "ආණ්ඩු පවත්වාගෙන යාම සදහා රාජ්‍ය සේවයේ රැකියා ලබාදීම" යන කාරණය සමග ඝට්ටනය වීම අනිවාර්ය වේ. එබැවින් මෙය ප්‍රතිපත්තියක් ලෙස සකස් කලයුතු අතර ආණ්ඩු මාරුවුවද නොවෙනස් වියයුතුය.
පසුගිය දින කිහිපයේදී වැඩිපුරම කාලය ගතකලේ කාර්යාලයේ හෝ නිවසේ නොව පාරේය. පැහැදිලිවම කිවහොත් පෞද්ගලික බස්රථ තුලය. බසයේ යාමට වැඩි කැමැත්තක් නැතත් අධික වර්ෂාව නිසා යතුරු පැදියේ ගමනටද බාධා ඇතිවේ. දුරගමන් සේවා බස් රථ වලින් කොළඹ සිට නිවසටත් නිවසේ සිට කොළඹටත් කිහිප විටක් ගමන් කිරීමේදී ලැබූ අත්දැකීම් මෙසේ සටහන් කරමි.
ඩීසල් මිල කීයකින් හෝ වැඩිවූ විට බස් ගාස්තු ඉහල දැමීමට කැසකවන පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු නඩය කුමක් සදහන් කලද ප්‍රවාහන සේවය පෞද්ගලික අංශයට විවෘත කලදා පටන් මේ දක්වා එහි ගුණාත්මක භාවයේ කිසිදු වෙනසක් සිදුවී නොමැත. අර්ධසුඛෝපභෝගී යයි කියා සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එකහමාරක් පමණ ගාස්තු වැඩිකල බස් රථවල ඇති තිර රෙදිත් ඒවාට සවිකර තිබූ කැසට් යන්ත්‍ර වෙනුවට අලුතින් සවිකර ඇති විවිධ වර්ගවල ගීත ධාවකයන් හැරුණු විට ඇගට දැනෙන වෙනසක් සිදුවී නොමැත. ආසන දෙකක් අතර ඇති පරතරය කොතරම් අඩුකර ඇත්දැයි කිවහොත් අඩි පහමාරකට වඩා උස අයෙකු වාඩිවුවහොත් කකුල් තබාගැනීමට සිදුවන්නේ එලියේය. බස්රථය තුල දුම්පානය තහනම් වන්නේ මගීන්ට පමණි. රියදුරු, කොන්දොස්තර සහ පාපුවරුවේ යන අමතර සහයකයින්ට දුම්පානය කිරීමට කිසිදු තහණමක් නැත. මා මේ පිළිබදව එක් රියදුරෙකුගෙන් ප්‍රශ්න කලවිට ඔහුගේ පිළිතුර වූයේ "රෑට යනකොට නිදිමත වෙනවා අයියා" යන්නයි. දුම්පානය නොකර රිය පැදවීමට අපහසු උදවියට පොදු ප්‍රවාහනයේදී පැදවීමේ බලපත්‍ර නොදිය යුතුය. මක්නිසාද ඔවුන්ගේ නිදිමත වෙනුවෙන් මගීන්ට ලෙඩවීමට නොහැකි බැවිනි.
දුරගමන්සේවා බස්වල අනෙක් ප්‍රධාන ගැටළුව ආහාරපාන ලබාගන්නා ස්ථානයන් පිළිබදවය. කොළඹ සිට මාතර, තංගල්ල සහ කතරගම බලා ගමන්කරන බස්රථ නවත්වන ස්ථාන කිහිපයක් පිහිටා ඇත්තේ අම්බලන්ගොඩ ඉදුරුව යන ප්‍රදේශයන්හිය. මේවායේ බස්රථ නැවැත්වීමට ඇති එකම සුදුසුකම වන්නේ රියදුරුට හා කොන්දොස්තරට යහමින් සලකන ස්ථානයන් වීම පමණි.(මේ පිලිබදව මාරයාගේ හෝරාවේ බස්පළුවන්ගේ කතා වලින්ද විස්තර කර තිබු බව මතකය) නොමිලේ ලැබෙන කෑමබීම වලට අමතරව(කෑම ටිකක් දීමෙහි වරදක් නැත) දුම්වැටි පමණක් නොව ගංජාවලින්ද සංතර්පනය කර අවසානයේ අතට කීයක් හෝ මුදලක්ද දීමට මගීන් ඉස්තරම් අයුරින් සූරාකෑම කලයුතුය. කෑමට බිමට ඇති සියළුම ආහාර අයිතමයන්ගේ මිල "රවුම් කර" ඇත්තේ එබැවින් වියයුතුය. බොහෝ කෑම වර්ග රුපියල් හතලිහකට වඩා වැඩි අතර තේ එකක් සදහා රුපියල් පහලවක් හෝ විස්සක් අයකරයි. අවසානයේ බලහත්කාරයෙන් "ඇගේ ගසන" ටොපි, චුවිංගම් වැනිදෑද රැගෙන ඒමට අසරණ මගියාට සිදුවේ. මෙම ස්ථානවල ඇති අනෙකුත් පහසුකම් ගැනද කථා කිරීමට දෙයක් නැත. කාන්තාවකට පාවිච්චිකල හැකි වැසිකිළියක් හෝ නොමැති අතර පිරිමි පාර්ශවයට නම් ඇත්තේ මුහුදු සුලං වදිමින් වෙරළේසිට අවශ්‍යතාවය ඉටුකර ගැනීමටයි. මේවා ගැන ගැමුණු විජේරත්න තබා මේ විෂයෙන් හොදට "පදම් වී" ඇතැයි තමාම කියාගන්නා කුමාර වෙල්ගම ඇමතිවරයා හෝ සීබී රත්නායක ඇමතිවරයාවත් පාරිභෝගිකයා පිළිබද අපමණ අනුකම්පාවකින් කටයුතු කරන එම විෂය භාර ඇමතිවරයාවත් කතා නොකරයි.
මේ නිසා ජනතාවට ආදරය ඇති ඉහත ඇමතිවරුන් තිදෙනාටම මෙවැනි යෝජනාවක් කරනු කැමැත්තෙමි.
හිතවත් ඇමතිතුමන්ලා වෙත, පුළුවන්නම් මගේ මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න.කරන්න තියෙන්නෙ මෙච්චරයි ගාලු පාර අයිනේ අම්බලංගොඩ හරියේ තියන ආණ්ඩුවෙ ඉඩමක හදන්න ගොඩනැගිල්ලක්. එක සැරේකට බස් තුනක් හතරක් පාක් කරන්න පුළුවන් ඉඩකඩ පිටත තියන විදියටත් ඒවායේ සෙනගට ඇතුලට ඇවිල්ල තේ එකක් බොන්න කෑම එකක් කන්න පුළුවන් විදියටත්. මීට අමතරව මෙතෙන්ට ඕන අඩුම ගානෙ බේකරියක් සහ කැත නැතුව යන්න පුළුවන් වැසිකිළි පද්ධතියක්.
හදල ඉවර උනාම විකල්ප දෙකක් තියනවා ඔබතුමාට.එකක් තමයි සේවකයන් හත් අටදෙනෙක් මෙතෙන්ට දාල වැඩේ කරගෙනයන එක. එතකොට රස්සාවල් කීපයකුත් ඇතිවෙනවා. ආරම්භයක් වශයෙන් භාණ්ඩාගාරෙන් අත්තිකාරමක් ගන්නත් පුළුවන්නේ. (අත්තිකාරම් අරගෙන කරගෙනයන බේකරියක් අංගොඩ මාණසික රෝහලේත් තිබුන කලකට ඉස්සර). ඒ වැඩේ පාඩුයි කියල හිතනව නං දෙන්න පෞද්ගලික අංශෙට. එයාල හරියට කරගෙන යයි. මොකද අනිවාර්යෙන්ම ලාභ ලබන්න පුළුවන් තැනක්නේ.
කාට දුන්නත් මිල පාලනයක් තියෙන්න ඕන. සහන මිලට දෙන්න කියල අපි ඉල්ලන්නෙ නෑ. හැබැයි මගීන්ව ගසා කන්න ඉඩදෙන්න එපා. අනිත් කාරනාව මේ රූට් එකේ යන දුරගමන් බස් නැවැත්විය හැකි එකම ස්ථානය මෙතන පමණක්ම වෙන්න ඕන. ඒකට නීතිරීති ගේන්නත් වෙයි. ඒත් 2/3ක් තියන එකේ ඔච්චර දෙයක්වත් බැරිනං වැඩක් නෑනෙ!
මේ දිනපතා මත්පැන් පානය කරන්නන්ට අසුභ ආරංචියක් ගැනය. ප්‍රථමයෙන්ම ඊට ප්රස්තුත වූ සිද්ධිය පවසන්නම්. මගේ යහළුවෙකු දන්නා කියන මිණිසෙකු ඔහුගේ ගමේ වෙසෙයි. ඔහු ලගදී එම ගමට පැමිණි දෙමළ ජාතිකයෙකි. වැඩපල කිරීමට දක්ෂ ඔහු පාළු ඉඩමක පිහිටි කුඩා හිස් නිවසක නැවතී සිටින අතර දින කිහිපයක් එකම ස්ථානයක වැඩ කරයිනම් ඒ ඒ නිවෙස්වල නැවතී සිටිමින් දිවි ගෙවයි. කුලී වැඩ කිරීමෙන් ලැබෙන මුදලින් කෑමක් බීමක් ගැනීම හැරුනුවිට ඔහු කරන්නේ මත්පැන් පානය කිරීමයි(මෙහි මත්පැන් යනු අරක්කු නොව කසිප්පුය).
දිනක් මධ්‍යම රාත්‍රියේ මේ පුද්ගලයා යහළුවාගේ නිවසට පැමිණෙන්නේ තමා නිවසේ සිටිනවිට අවි ආයුධ රැගත් පිරිසක් තමා මැරීමට පැමිණි බවත් ඔවුන්ට හසුවීමට කලින් පැනආ බවත්ය. මෙහි සත්‍ය අසත්‍ය තාවය සෙවීම පසෙකලා මිත්‍රයා ඔහුට නිදාගැනීමේ අවස්ථාව සලසා දුන් අතර ඉන් පසුවද, යම් ශබ්දයක් ඇසුනවිට මොහු බියපතු වූ බවත් ඔහු මා සමග පැවසීය. කෙසේ වුවද එදින ඔහු බීමතින් නොසිට ඇත. පසුදින අදාල ප්‍රදේශය පරීක්ෂාකර බැලුවද කිසිවකු පැමිණි සළකුණක් නොතිබූ බවත් මා මිතුරා ප්‍රකාශ කලේය. ඔහු එම සිද්ධිය තවත් අයෙකුට ප්‍රකාශ කලවිට එම පුද්ගලයා පැවසුවේ බීමත්ව නොසිට නින්දට යන දිනවලදී ඔහුටද එවැනිදෑ පෙනෙන බවත් මෙම සිද්ධියද එවැන්නක් වියහැකි බවත්ය.(දෙවනුව සදහන් කල තැනැත්තාද අධිකව මත්පැන් පානය කරන්නෙකි).
මේ සිද්ධියෙන් පසු මා කලේ මෙලෙස අධික ලෙස මත්පැන් පානය කරන්නන් කිහිපදෙනෙකුගෙන් මෙවැනි තත්වයක් ඇතිවිය හැකිදැයි විමසීමය.
ලැබුනු ප්‍රථිපල අනුව එය සත්‍යබව පෙනිනි. මා දටදෙනෙකුගෙන් පමන විමසීම් කල අතර ඉන් හයදෙනෙකු පමන ප්‍රකාශ කලේ සාමාන්‍ය තත්වයෙන් බැහැරව බීමතින් නොසිටින රාත්‍රී කාල වලදී ඔවුන් කුමනහෝ ආකාරයක භයවීම් වලට මුහුණදෙන බවයි. එම හයදෙනාගෙන්ද තුන්දෙනෙකු භයවී ඇත්තේ ඉහත පුද්ගලයා මුහුණදුන් ආකාරයට "යම් කෙනෙක් හෝ පිරිසක් තමාට හාණිකිරීමට පැමිණෙන" දර්ශනයන්ගෙනි.
පරීක්ෂණයට ලක්කල අටදෙනාම ඉතාමත් අධික මත්පැන් පානය කරන්නන් වූ අතර මින් සිව්දෙනෙකු කුලීවැඩ කරන්නන් වූ අතර දෙදෙනෙකු ගොවියන්ද අනෙක් දෙදෙනා සුළු ව්‍යාපාර කරගෙනයනු ලබන්නන්ද විය. තවද මොවුන් අටදෙනාම නීතිගත මත්පැන් සහ කසිප්පු යන දෙකම පාවිච්චි කරන්නන් වුවත් සාමාන්‍ය පාවිච්චිය කසිප්පුය. ප්‍රමාණයෙන් භාගය ඉක්මවා යන්නන් විය.
මීට අමතරව සාමාන්‍යයෙන් මත්පැන් පානය කරන්නන්ගෙන්ද වෙනම විමසීමක් කලත් ඔවුන්ගෙන් ඉහත ලැබුනු ප්රථිඵලය නොලැබුනි. ඔවුන් සාමාන්‍යයෙන් නීතිගත මත්පැන් පානය කරන්නන් වූ අතර එක්වරකට පානය කරන ප්‍රමාණය භාගයකට අඩුවිය.
අවවාදයයි! ඔබ පාවිච්චි කරන ප්‍රමාණය ඉතා ඉහල නම් මෙවැනි ප්‍රථිඵල ඇතිවියහැක.
අද කියන්න යන්නේ "වාක්‍ය" ගැන කතාය. වාක්‍ය යනුවෙන් සදහන් කලේ වාහනවල පිටුපස ඇදඇති හෝ මුද්‍රණය කර අලවා ඇති පාඨයන් පිළිබදවය. මේව වැඩියෙන්ම ඇත්තේ තුන්රෝද රථවලය. මේ වාක්‍ය ඇදීම තුලින් බලාපොරොත්තු වන්නේ හාස්‍ය රසයක් ගෙනදීම හෝ යම්කිසි තේරුමක්-තම ජීවිතයට හෝ වාහනයට සම්බන්ධ සිද්ධියක්-විදහා දැක්වීම වියහැකිය. කුරුටු ගී අඩංගු නොවන පොදු වැසිකිළි මෙන්ම මෙවැනි වාක්‍ය අඩංගු නොවන තුන්රෝද රථ සොයාගැනීම උගහටය.
මගේ මිත්‍රයෙක් ලගදි ට්‍රක් රථයක් මිලදීගත් අතර එය දන්නා කියන රියදුරෙකු හට භාරදෙනලදී. දින කිහිපයකට පසු දුරකථන ඇමතුමක් ගත් රියදුරු විමසා ඇත්තේ වාහනයේ පිටුපස දොරට යම් පාඨයන් ඇලවීමට අවසර ඇත්දැයි දැනගැනීමටයි. නමුත් ඒවනවිටත් කාර්ය කර අවසන් බව මිතුරා ප්‍රකාශ කරන්නේ හාස්‍යයෙනි.
මාත් යහළුවෙකුත් අප හදුනන තවත් වැඩිහිටියෙකුත් මෙම මාතෘකාව ගැන කථා කරමින් සිටි අතර එහිදී සදහන් කෙරුණු වාක්‍යක් එවකට ලොරියක හිමිකරුවකු වූ ඉහත සදහන් කල වැඩිහිටි පුද්ගයාගේ සිත ගතී. එය නම් "වමෙන් ගියත් දකුණෙ කොල්ලො" යන්නයි. ඔහු එම වාක්‍ය තම ලොරියේ පින්තාරු කලත් දකුණෙන් ගෙනා බල්ලෙක් බළලෙක්වත් ඔහුගේ නිවසේ නැත.
අම්මේ ඔබ බුදුවේවා, අම්මා පෙව් කිරි කදුලිනි මේ ලොව මෙතරම් හැඩවුනේ... මේ මා දැක ඇති අම්මා ගැන සදහන් වැකිය.
අම්බලන්ගොඩ ඇති තුන්රෝද රියක අලවා ඇති ස්ටිකරයට සදහන් වන්නේ "ආදරයේ උල්පත වූ නැන්දා" යන්නයි. ඒ පුද්ගලයා කුඩාකල මවුපියන් අහිමි වූ විට රැකබලාගෙන ඇත්තේ ඔහුගේ නැන්දා වන අතර ඇයට උපහාර ලෙස "ආදරයේ උල්පත වූ අම්මා" යන වාක්‍යයේ අම්මා වෙනුවට නැන්දා ආදේශ විය.
තුන්රෝදරථ හැරුණු විට මෙවැනි පාඨ සදහන්වන අනෙක් වාහනය වන්නේ පෞද්ගලික බස් රථයන්ය. මේටට හේතුව පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් සහ තුන්රෝදරථ ධාවකයන් එකම සමාජ ස්ථරයක අයවලුන් වීම විය හැකිය.
බස්රථ වල බොහෝවිට දක්නට ලැබෙන්නේ මෙවැනි වාක්යන්ය. රජවෙන්න නෙවේ මේ උත්සාහය දවසෙ ගාන හොයාගන්න. පිඹගෙන් එන්නේ ඉඹගෙන යන්නද?මීට අමතරව ආදරය සම්බන්ධ වැකි දක්නට ලැබෙන අතර ඒ පිළිබදව වෙනම කථාකල යුතුය.
මෙවැනි වාක්‍ය අතුරින් වඩාත්ම මාගේ සිත්ගත් වාක්‍ය වන්නේ ගෙවීමේ ක්‍රමයට බසයක් මිලදීගත් රියදුරෙකු අදින ලද මෙම වාක්‍යයි.
"බුදු මල්ලියේ වද්දන්න එපා. ලීස්එක ඉවරවුනාම රේස්එකේ යමු" ඔබේ මතකයේ රැදී ඇති මෙවැනි "වාක්‍ය" පහතින් දක්වන්න.මේ දිනවල මාර්ගඵල ලාභියකු ගැන අසන්නට ලැබේ. ඒ අන් කිසිවෙකු නොව පිටිදූවේ සිරිධම්ම හිමියන් ගැනය. උන්වහන්සේ සකෘදාගාමී මාර්ගඵලය ලැබූ බව වදාරණ අතර විරුද්ධ මතධාරීන්ට අනුව උන්වහන්සේ මාණසික රෝගියෙකි. එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් මා සදහන් කරන්නට යන (වික්ටර් රත්නායකයන් ගයන) මේ ගීතය අඩුම තරමින් සෝවාන් මාර්ගඵලය හෝ ලැබූවකු විසින් ගයන ලද්දක්දැයි සිතේ.
ගීතය මෙසේය,අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ.... සිතුවිලි පව්වේ පෙරදිග අහසේ.... හිමියනි මං බුදු රැස් දැකගත්තෙමි.... හිමියනි මං බුදු රැස් දැකගත්තෙමි....කළුවර ගොණුකොට ගිමන් දවන මග.... ගමන් කලෙමි දුර සසර පුරා.... පස්කම් සම්පත් එක්තැන් කරගෙන.... ගමන් කලෙමි දුර සසර පුරා....මහ කරුණාවේ සිසිළ ගලා එන.... බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ.... නැහැවෙමි සසරෙහි කෙළෙස් මුදාහැර.... බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ....
බුදුන් දැකීම හෝ බුදු රැස් දැකීම යනු ආගමික අර්ථයෙන් ගත්කල සත්‍යාවබෝධයයි. බුදුන් දැකිය හැක්කේ සත්‍යාවබෝධය ලැබූ තැනැත්තාටය. "අරුණළු පැතිරෙන හිමිදිරි යාමය" සංකේතවත් කරන්නේ දවසේ යහපත්වූ කාලය වන අතර බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබුවේද මේ කාලයේය. ගයන්නා තම සිතුවිලි තුලින් බුදු රැස් දුටු බව කියැවේ.
දෙවැනි පද සතරෙන් කියවෙන සියල්ල මේවනවිට අතීතයට එක්වූ දේවල් බව "ගමන් කලෙමි දුර සසර පුරා" යන්නෙන් කියැවේ. එයින්ද ගම්‍ය වන්නේ ඔහු කෙළෙස් නැසූවකු බව නොවේද? මේ කරුණ සනාථ කරන අනෙක් සාධකය වන්නේ අන්තිම කොටසෙහි "නැහැවෙමි සසරෙහි කෙළෙස් මුදාහැර" යන පද පේලිය වේ.
මෙම ගීතය කෙළෙසුන් දුරුකල උතුමෙකුගේ උදාන වාක්‍යක් වන අතර අන්තිම පද සතරෙන් එය මනාව පැහැදිල්වේ.
youtube අඩවියේ ඇති ගීතය.වික්ටර් රත්නායකයන්ගේ ගායනය සහ සංගීතය පිළිබද කරුණු දැක්වීමක් අවශ්‍ය නොවන්නේ ඒවා පරිපූර්ණ ලෙසම ඇති බැවිණි.
පක්ෂ-විපක්ෂ මත දැක්වීම් අගය කරමි.පරිගණකය ඉදිරියේ හිදගත්තේ සතියකට පසුව බැවින් බ්ලොග් ලිවීමට හෝ කියවීමට නොහැකිවිය.(විශේශයෙන්ම දේශපාලන ලිපි). වෙන වෙනම ලිවියයුතු කාරණා කිහිපයක් ගැන එකම සටහනක පළ කිරීමට සිදුවන්නේ කාල වේලාවක් නොමැතිකමින්ය.
සරත් ෆොන්සේකානඩු තීන්දුවේ ඇති සාධාරණ අසාධාරණකම් ගැන කතා කිරීමට මෙය වේලාව නොවේ. සියල්ල සිදුවී අවසන්ය. ඉතිරිව ඇත්තේ අභියාචනා තීන්දුව ගැන බලාසිටීම පමණි. කෙසේ වුවද මෙම තීන්දුව හරහා ජාත්‍යන්තරයට යන පණිවුඩය වන්නේ "සුදු කොඩි රැගෙන පැමිණී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වෙඩිතැබීමට ගෝටාභය රාජපක්ෂ මහාතා ෂවේන්ද්‍ර සිල්වා මහතාට නියෝග කල බව එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි" යන්න නොවේද? දැන් ලංකාවේ අධිකරනයකින්ම "ඔප්පුවී ඇති" ඇති එම චෝදනාවට උත්තර සොයාගැනීම රජයට සිදුවේ. "කුම්බලා මාළු කෑවාපන් විදවපන් බළලෝ".
ඉන්පසුව සදහන් කල යුත්තේ ලාංකීය සමාජයේ ඇති නොදැනුවත් භාවය සහ තමා යටත්වන නීති පද්ධතිය තුල ඇති අයිතිවාසිකම් පිළිබදව නොදැනීම යන කාරණය ගැන කතා කිරීමයි. මේ සදහාද ප්රස්තුතය වූයේ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් යම් යම් අය විසින් විවිධ අවස්ථා වලදී දක්වන ලද අදහස්ය.(මෙවැනි අදහස් බ්ලොග් අවකාශයේද දුටුවෙමි).
"සරත් ෆොන්සේක චන්දෙ ඉල්ලුවෙ නැත්නම් පැන්ෂන් එකත් අරගෙන ලස්සනට ජීවත්වෙන්න තිබුන. දේශපාලනයට ආවෙ නැත්නම් ඔය ටික වෙන්නෙ නෑනෙ"
"සරත් ෆොන්සේකට මේ වෙච්ච දේට වගකියන්න ඕන ජෙප්පො.උං තමයි එයාව දේශපාලනයට ඇදල ගත්තෙ"
"ෆොන්සේකට තිබුනෙ එකපාරටම ජනාධිපතිතුමාට විරුද්ධව එන්නෙ නැතුව 2016 විතර චන්දෙ ඉල්ලන්න. එහෙම නැත්තං සංදානෙං ආවනං හොදම ඇමතිකමකුත් ගන්න තිබුනා"
ඉහත දක්වන ලද අදහස් වලින් ගම්‍ය වන්නේ කුමක්ද? මිණිසුන් තමාගේ අයිතිවාසිකම් තේරුම්ගෙන නොමැති බව හා ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ තරම නොවේද?
ෆොන්සේකාට ඡන්දයට ඉදිරිපත් වීමට අවශ්‍ය නම් 2016 වනතුරු බලා සිටිය යුත්තේ ඇයි?
රැකියාවෙන් විශාමගිය පසු තම ප්‍රධානියාට විරුද්ධවීම(දේශපාලනිකව) දඩුවම් ලැබියයුතු වරදක්ද?
මෙසේ සිතන ඡන්ද දායකයන් සිටින තාක් ලංකාවේ දේශපාලකයන්ගේ වර්තමාන තත්වය වෙනස් නොවනු ඇත.
වැදගත්- ෆොන්සේකා වැරදි නොකලා යයිද වැරදි කලානම් ඒවාට දඩුවම් නොදිය යුතු යයිද මා නොකියමි. ඔහු සිරගතවූයේ දේශපාලනය නිසා පමණක් බව දැඩිසේ විශ්වාස කරමි.
සරත් එන් සිල්වා.ගොනා හැරෙන ඊලග පොල් පැලය සරත් එන් සිල්වා විය හැකිය. ඔහු අගවිනිසුරු ධූරය දැරූ කාලයේ දුන්නා යැයි කියන නඩු තීන්දුද නැවත සමාලෝචනය කරන බව වටින් ගොඩින් ඇසේ. මේ ගැන වඩාත් සතුටු වන්නේ(සහ ඊට වඩාත් වැඩි අයිතියක් ඇත්තේ) රාවය කතෘ වික්ටර් අයිවන් වියහැකිය. සරත් එන් සිල්වා මහතාගේ ධූර කාලයේදීම ඔහුට විරුද්ධව හඩනැගූ එකම පුද්ගලයා අයිවන් මහතාය.
එදා එන්සත් ජාතික පක්ෂය විසින් සරත් එන් සිල්වා මහතාට දෝෂාභියෝගයක් ඉදිරිපත් කලද ආණ්ඩුව විසින් එය පරාජය කරනු ලැබීමත් දැන් ඔහු එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන විට ආණ්ඩුව ඔහුව දංගෙඩියට යැවීමට සැරසීමත් දෛවයේ සරදමක් නොවේද? අපේ පැරැන්නන් "කලකදි වහලු කලකදි රස වෙනවාලූ" කියා කීවේ මෙයටය.
වැදගත්- සරත් එන් සිල්වා ලබාදුන් ඕනෑම නඩු තීන්දුවක් පරීක්ෂා කිරීම හෝ ඔහුගේ අතීතය හාරා ඇවිස්සීම නීතියට එකගය. එමෙන්ම අනෙකුත් සියල්ලන්ම සම්බන්ධයෙන්ද නීතිය එසේ වියයුතුය.
සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට්.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයෙන් පසුව සියලු තරගාවලි පරාජයට පත්විය. විශේෂයෙන්ම එක්දින අනුශූරයන් මෙසේ එක්දින තරගවලින් පරාජය වීම විමතියට කරුණක් වන අතර ලෝක කුසලාන අවසන් තරගයට ක්‍රීඩා කල කණ්ඩායමෙන් අඩුවී ඇත්තේ මුරලිදරන් පමණි. ක්‍රීඩාවට රිංගාගත් දේශපාලනය මෙන්ම දිල්ෂාන්ගේ නායකත්වයද ඉවත් නොකලහොත් තත්වය මීටත් වඩා භයානක වීමට ඉඩ ඇත.
අනෙක් කරුණ මේ දිනවල මැදපෙරදිග සංචාරය සදහා සනත් ජයසූරිය විස්තර විචාරකයෙකු වශයෙන් සහභාගී වීම සම්බන්ධයෙනි. ඔබ ඔහුගේ විචාරයට සවන් දුන්නාද? ශ්‍රි ලාංකික විචාරකයන් අතරින් වඩාත්ම චෝදනා එල්ල වූ (දුර්වල දැණුම හා භාෂා හැසිරවීම සම්බන්ධයෙන්) රංජිත් ප්‍රනාන්දු මහතා ජයසූරියට වඩා කෙතරම් ඉදිරියෙන් සිටිනවාද! "බැරි වැඩ නොකරන් අබරෝ".
කතා කලයුතු අනෙක් කාරණාව වන්නේ සනත් ජයසූරියට මෙසේ අවශ්‍ය පරිදි පෞද්ගලික රූපවාහිණී නාලිකා සමග ගණුදෙණු කලහැකිද යන්නයි. මක්නිසාද යත් ඔහු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බැවිනි. එහෙත් ඔහුගේ වාසනාවට ඔහු සිටින්නේ ආණ්ඩු පක්ෂයේය.(එසේ නොවූයේ නම් ඔහු තවත් නුවන් හෙට්ටිආරච්චි කෙනෙකු වීමට ඉඩ තිබුනි). ඒ නිසා තව කාලයකට භයවීමේ අවශ්‍යතාවයක් නැත.
මෝටර් බයිසිකල් ගැන පෝස්ට් එකක් දාන්න හිතේ තිබුනා ගොඩක් කාලෙක ඉදලා. ඒත් එන්න එන්නම වැඩේ පරක්කු උනා. දේවගේ මේ පෝස්ට් එක කියෙව්වම හිතුනා ඒක ඉක්මන් කරන්න. අනිත් එක දිනපතාම මෝටසයිකලෙං රවුං ගහන එකානෙ මං. ඒ නිසා ඒක මගේ ඇගේ කෑල්ලක් වගේ වෙලා ඉවරයි. සමහර වෙලාවට නෝන කියනවා "ඔයා මටත් වඩා මෝටසයිකලේට ආදරෙයි" කියල.
මම දැං පාවිච්චි කරන බයික් එක ගත්තෙ 2007 අවුරුද්දෙ. ඒ කාලෙ මම රස්සාව කලේ කොලඹ. බයික් එක ගන්නකොට ෆ්‍රී ලැබෙන(මුහුණු ආවරණය නැති) හෙල්මට් එකයි වැස්සට තෙමෙන ජැකට් එකයි දාගෙන කොලඹ ඉදල අවුරුදු නිවාඩුවට ගෙදර ආවෙ කිලෝමීටර දෙසීයක දුරක් ගෙවාගෙන ලයිසනුත් නැතිව. ඒ ගමනට පැය හයක් ගත උනේ එච්චර වේගයෙන් යනඑක බයික් එකට හොද නැති උන නිසා. කොහොම උනත් ගෙදර ඇවිල්ල වරුවක් ගතවෙනකනුත් මගේ ඇස්වල කදුළු එන්න ගත්තෙ සතුටට නං නෙවේ. මුහුණු ආවරණයක් නැතුව පැය හයක් එද්දී ඇස්වල ගියපු දූවිලි නිසා.
ඊට පස්සෙ හැමදාම ගෙදර යන්න එන්න පුරුදු උනේ බයික් එකෙන් තමයි. ගෙදර ගිහිං කොලඹ එන ටිකටම කිලෝමීටර හාරසීයක්!බයික් එකෙන් එන්න එපා කියල හැමදාම අම්මල කිව්වත් මම නෙවෙයි තුට්ටුවකට ගනං ගත්තෙ. පස්සෙ කාලෙකදී මම පුරුදු උනා කොළඹ එනකොට ගෙදරට කියන්නෙ නැතිව එන්න. මොකද මම එනකං අම්ම බලං ඉන්නෙ පපුවෙ බිත්තර තම්බන්න පුළුවන් ගානට නිසා. මම තරං දීර්ඝ බයික් සංචාර කරපු කෙනෙක් ලංකාවෙ ඉන්නවද දන්නෙ නෑ.
ඉස්සෙල්ලම බයික් එක අරගෙන නවගමුවෙ දේවාලෙට ගිහිං පඩුරක් එහෙම බැදල ඉන්න කියල ඉස්සර මම වැඩකල ඔෆිස් එකේ වැඩිහිටි මිස් කෙනෙක් කිව්වත් මම නෙවේ තුට්ටුවකට ගනං ගත්තෙ. කොහොමහරි 2008 අවුරුද්දෙ ගෙදර ගිහිං එනකොට හා හාපුරා කියල පලවෙනි ඇක්සිඩන්ට් එක උනා. ඊට පස්සෙ කස්ටිය කිව්වෙ බයික් එක විකුණන්න කියල. මම ඒවා එක කණකින් අහල අනෙක් කණෙන් පිටකලා. අදටත් මේ බයික් එක තමයි මගේ ලග තියෙන්නෙ. කවදහරි වැඩක් ගන්න බැරිවෙලා දිරල යනකංම මේක විකුණන්න නං මගේ අදහසක් නෑ.
අන්තිමට කියන්න යන්නෙ මම ගිය දීර්ඝම බයික් ගමන ගැන. මේක සිද්ධ උනේ මීට මාස දෙකකට විතර කලිං.මට ආරංචියක් ආවා කලිං වැඩකල ඔෆීස් එකේ යාළුවෙකුගෙ මරණයක්. ආරංචිය ලැබුනෙ ටිකක් හවස් වෙලා. එදාම යනවද පස්සෙ දවසෙ යනවද කියල වැනි වැනී ඉදපු මම හවස 5.00ට තිරණය කලා යනව කියල. 5.00ට බයික් එකේ ගෙදරින් පිටත්වුනු මම හෝමාගමට (කි.මී.200)රෑ 9.00ට ආව. මළගෙදර පැය කීපයක් ඉදල හරියටම රෑ 1.00ට එන්න පිටත්වෙච්ච මම ගෙදර ආවෙ උදේ 5.00ට.
බයික් පාවිච්චි කරන අය බ්ලොග් අවකාශයේ ඕන තරං ඇති. ඒත් පැය දොලහක් ඇතුලත කිලෝමීටර හාරසීය ගනනක් ගියපු කෙනෙක් ඉන්නවනං කියන්න බලන්න.
ප.ලි.- මෝටර් සයිකල් කරුවන්ගේ ප්‍රධානම සතුරා වන්නේ බල්ලාය. ප.ප.ලි.- සතුරන් අතරට හරකා සහ පොලීසියද ඇතුලත් විය යුතුය.ඇගිල්ලක තියන තුවාලයක් නිසා මේ දවස් ටිකේම පෝස්ට් දාන්නවත් කියවන බ්ලොග්වලට කොමෙන්ටු දාන්නවත් බැරිවුනා. වැඩිය දිග පෝස්ට් එකක් ටයිප් කරන්නත් අමාරු එකේ පුංචිපහේ කතා දෙකක් දාන්නයි යන්නෙ. දෙකම දහඅට ප්ලස් නිසා පොඩි ලමයි අයින්වෙනව හොදයි. මේ කතා අහල තියනවද දන්නෙ නෑ. හැබැයි බ්ලොග් එකක නං මම දැකල නෑ.
පළවැනි එක බැටළුවො අයිත්කාරයෙක් ගැන. මෙයාට ඕන උනා බැටළුවන් රංචුව ගැබ්ගන්වන්න. ඉතිං මෑන් ගියා පශුවෛද්‍යවරයෙක් ලගට. කතාව අහල වෛද්‍යවරයා කිව්ව "හරි මට පුළුවන් වැඩේ කරන්න. සාර්ථක උනොත් බැටළුවො වැතිරිලා ඉන්නව බලාගන්න ඔයාටම පුළුවන්" කියල.
මෙතනදි බැටවවො අයිති මහත්මයා බරපතළ වැරදි වැටහීමක් ඇතිකරගත්ත, බැටළුවන්ව ගැබ්ගන්වන්නෙ දොස්තර මහත්තය අහවල් එක කරල තමයි කියල. ඉතිං මිණිහ කල්පනා කලා "ඕක මටත් කරන්න පුළුවන්නේ" කියල. එහෙම හිතපු මහත්තය ගෙදර ගිහිල්ල බැටළුවො රංචුව ලොරියට දාගෙන කැළේට ගියා. ගිහිල්ල උන්ට අහවල් කාරිය කලා. ඊට පස්සෙ දවසෙ බැලුව බැටළුවො වැතිරිලාද කියලා.
ම්හු! ඔක්කොම හිටිය වගේම ඉන්නවා. එදත් කැළේට ගෙනිච්චා. වැඩේ කලා. ගෙදර ආවා. ඇගටත් ටිකක් අමාරුයි. පහුවදා බැලුව, ඒත් ප්‍රතිඵලයක් නෑ.
තුන්වැනි දවසෙත් ලොරියට දාගෙන කැලේට ගිහිල්ල එකාට දෙපාර ගානෙ කලා. කරල ගෙදර ඇවිල්ල වැතිරුනේ මහත්තය.ඇයි හත්දෙයියනේ සුළුපටු රාජකාරියක්ද කලේ. උදේ වෙනකොට මෑන්ට නැගිටින්නත් බෑ. ඒගමන නෝනට කතාකරල කියනවා "බලන්න බැටළුවො ටික වැතිරිලාද ඉන්නෙ කියල" කියල.
ඒගමන නෝන බලල ඇවිත් කියනවා, "වැතිරිලා නං නෑ, අන්න උං ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා. ඔයා එනකං වෙන්නැති" කියල.
දෙවැනි කතාවත් දොස්තර කෙනෙක් ගැනම තමයි.එක මණුස්සයෙක් බඩේ අමාරුවකට බෙහෙතක් ගන්න ගියා දොස්තර කෙනෙක් ලගට. ලෙඩා බලල දොස්තර කියනවා "මේකට වස්තියක් කරන්න ඕන. ඒක දාන්න වෙන්නෙ පස්ස පැත්තෙන්. ටිකක් රිදෙයි, ඒත් ඉවසගෙන ඉන්න බලන්න" කියල. මෑනුත් හා කියල ඉස්සරහට නැමිල ඉන්නකොට දොස්තර අදාල කාර්ය කලා. ඊට පස්සෙ කිවුව තවත් එකක් අතට දීල "මේක ගෙදර ගිහිල්ල තව පැය දෙකකින් විතර දාන්න, එතකොට හොදවෙයි" කියල.
මෑන් ගෙදර ගිහින් පැය දෙකකින් නෝනට කතා කරල කිවුව බෙහෙත දාන්න කියලා. නෝන මිණිහගෙ උර හිසට අතක් තියාගෙන බෙහෙත දැම්ම. එක පාරටම මිණිහ බණින්න ගත්ත
"........බල්ල" කියල. නෝන අහනවා "ඇයි ඔයා මට ඔය විදියට බණින්නෙ? මම කරපු වැරැද්ද මොකද්ද?" කියල. ඊට පස්සෙ මිණිහ මෙහෙම කියනවා,
"නෑ මම බැන්නෙ ඔයාට නෙවෙයි, අර දොස්තරයා මට ඕක දැම්මෙ උගේ අත්දෙකම මගේ උරහිස් වලට තියාගෙන"
ඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ ඊයෙ දවසෙ දාපු එකත් එක්ක බ්ලොග් පෝස්ට් පනහක් සම්පූර්ණ වුනා. මාස හතක කාලයකදී ලියපු ප්‍රමාණය ගැන හොදටම සතුටු වෙන්න පුළුවන්. එකඅතකින් බැලුවම බ්ලොග් ලිවිල්ල හරියටම වේදිකා නාට්‍යක රගපානව වගේ. අපි දාන පෝස්ට් වලට ප්‍රථිචාර ලබාගන්න පුළුවන් සුළු වේලාවකදී. පත්තරේකට, සගරාවකට හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යයකට දක්වන අදහසකට ඒ වාසිය ලැබෙන්නෙ නෑනෙ.
හරි දැන් කියන්න යන්නෙ මම ඕලෙවෙල් ඉංග්‍රීසි ලියපුහැටි.ඒ කාලෙ අපේ ඉස්කෝලෙ ඉංග්‍රීසි ඉගැන්නිල්ලට වගේම ඉගනගැනීමටත් තිබුනෙ කුඩම්මගෙ සැළකිලි. මට මතකයි මම හත වසරෙ හරි අට වසරෙ හරි ඉන්නකොට මුළු අවුරුද්දක් පුරාවටම ඉංග්‍රීසි උගන්නන්න ගුරුවරයෙක් හිටියෙ නෑ. හිටියත් අපිට උනන්දුවකුත් තිබුනෙ නෑ. අන්තිමට කොහොම කොහොමහරි ඕලෙවෙලුත් ආව. ඉංග්‍රීසි දවසෙ අපිට තිබුනු ලොකුම ප්රශ්නය තමයි ඒ පැය තුන කොහොමද ගෙවාගන්නෙ කියනඑක:D
ඔන්න විභාගෙ පටන් ගත්තා. කස්ටියම ශීර්ෂ පහත් කරගෙන හිටිය වැඩිම උනොත් විනාඩි විස්සක් විතර. මොකද හිස්තැන් පුරවන්න, ඩරි ගහන්න තියන ප්‍රශ්න ටික ඉවර කරල. ඊට පස්සෙ එකා එකා වටපිට බලනවා මොකද කරන්නෙ කියල වගේ. මමත් එහෙම තමයි. මම මෙහෙම ඉන්නකොට මට අමුත්තක් දැනෙන්න ගත්ත. මට ඉස්සරහ ඉන්න එකා රචනාව ලියාගෙන යනවා එකසිය ගානට. මම කල්පනාකරල බැලුව මොකක්ද මේ සිද්ධ වෙන්නෙ? ප්‍රාතිහාරයක්ද? මොකද මට ඉස්සරහ ඉන්න එකා හැමදාම පන්තියෙ අන්තිම හරියෙ ඉන්න එකෙක් වීම නිසා.
එහෙ මෙහෙ යන පරීක්ෂකයන් නැති වෙලාවක් බලල මම කකුලෙන් තට්ටුවක් දැම්ම මුගේ පුටුවට. ඊට පස්සෙ මම ඇහුව
"උඹ මොනවද ඔය ලියන්නෙ? කොලයක්වත් ගෙනාවද බලං ලියන්න?" කියල. එකපාරටම මූ කියපි "නෑ බං මම මේ සිංහලෙන් ලියන්නෙ" කියලා......:D(ඒ කියන්නෙ සිංග්ලිශ් වලින්)මාත් කල්පනා කලා කොහොමත් ෆේල් වෙනඑකේ කාලය හරි ගෙවාදාන්න පුළුවන් ඒ ක්‍රමේට ලිව්වොත්. අනිත්එක අරූට වඩා හොදට සිංහලෙන් රචනා ලියන එකානෙ මං.
මාත් ඊට පස්සෙ හැම ප්‍රශ්නෙකටම උත්තර සිංග්ලිශ් වලින් ලිව්වා. ඔය අතරෙ ශාලාධිපතිතුමා ඇවිල්ලා එකෙකුගෙ ප්‍රශ්නපත්‍රයක් අරගෙන. ඌ රචනාව ලියල තියෙන්නෙ වැරදි තැනක. ඊට පස්සෙ මගේ ලගට ආවා. ඇවිල්ල ගත්ත මගේ පේපර්එක. අරගෙන රචනාව තිබුනු තැන කාටත් පේන්න උස්සල කියනවා.
"මෙන්න මේවගේ තමයි ලියන්න ඕන" කියල.:D අන්තිමේදී විභාගෙ ඉවරඋනාට පස්සෙ අනිත් එවුන් හිතුවෙ මට D තමයි කියල අර ලියපු ලිවිල්ලට.ඒ, මා පිටුපසින් හිදුවගත් මෝටර් සයිකලයෙන් අදාල ස්ථානයට ලගාවූ මගේ යහළුවාගේ හඩය. විවෘත වූ ද්වාරයෙන් හිස යොමු කලෙමි. එය තරමක් විශාල සෘජුකෝණාශ්‍රාකාර කාමරයක් විය. කාමරයකටත් වඩා ශාලාවක් යනුවෙන් එය හැදින්වීම නිවැරදිය. එක් පසකින් පමණක් පියන් තුන හතරකින් යුත් ජනෙලයක් හැරදමා තිබුනි. ශාලාව මධ්‍යයේ විදුලිපංකාවක් පැවති අතර යන්තමින් පැවති අදුර මැකීමට මෙන් ශාලාවේ දෙපස විදුලි බුබුළු දල්වා තිබිණි.
"වරෙංකො යන්න" මිතුරා ඉස්සර විය. "මචං....කවුද මේ... යාළුවෙක්ද?" ඔහු තරුණයෙකි. "ඔව්. මගේ යාළුවෙක් එක්ක ආවා" ඔහුගෙන් ඉවත්වී යාළුවා පසුපස යමි.අප දෙදෙනා තවත් කණ්ඩායමක් පසුකරමින් ගමන්කලේ මගේ මිත්‍රයාගේ මිත්‍රයා සිටි දෙසටය.
"හා... මොකද පරක්කු?" "පොඩ්ඩක් පරක්කු උනා මචං මූ එනකං හිටියා" ඉන්පසු සුපුරුදු හදුනාගැනීම්ය. "බීපං සිගරට් එකක්" ඔහු මාදෙසට සිගරට් පැකට්ටුව යොමුකරයි. ඉන් එකක් ගෙන දෙතොලේ රදවා ගතිමි. "ඉදා මට පරක්කු වෙනවා" නාදුනන මිත්‍රයා මගේ මිතුරාට යමක් දෙමින් පිටව යයි. ඒ තුල කඩදාසි ගුලි දෙකකි. ඉන් එකක් ඇගිල්ලක් තරම් විශාල වූ අතර අනෙක කුඩා විය. "උඹටත් නිකං වේලි වේලි ඉන්න බෑනෙ ඒකයි මේක ගෙන්නගත්තෙ" මා ඔහු දුන් පැකට්ටුව දිගහරින අතර ඔහු පසුම්බියෙන් ඊයම් කඩදාසියක්ද මේසය මත තිබූ පත්තර පිටුවකින් කොටසක්ද කඩාගෙන එයින් යමක් සාදමින් සිටී. මේ අතර මගේ අතැගිලි කඩිනමින් ක්‍රියා කරමින් මාහට ඇවැසිදේ නිපදවන්නට වීමි. "මචං කවදාවත් ඩස්ට් එකට සෙට්වෙන්න හොද නෑ නවත්තගන්න බැරිනං"ඊයම් පත්‍රය මතට දැමූ ඉතා කුඩා ගුලියක් වමතට ගනිමින් ඔහු පවසයි. මා මාගේ අතේ ඇති වැඩ අවසන් කලදෙය මුවට තබා දල්වාගතිමි. මේ අතර මාගේ මිත්‍රයා ඊයම් පත්‍රයට යටින් දැල්වූ ගිණිකූරක් අල්ලා මුවෙහි රදවාගත් පත්තරපිටු බටය ඊට ලංකරමින් සිටී. ක්‍රමයෙන් ඊයම් පත්‍රය මත ඇති කුඩා ද්‍රව්‍යය දුම් පිටකරමින් ඒ මේ අත ගමන් කිරීමට පටන්ගැනීමත් සමග ඊට අනුරූපී ලෙස දකුණතෙහි ඇති ගිණිකූරද මුවෙහි රදවාගත් බටයද ඒ දෙසට මෙහෙයවන්නේ යාන්ත්‍රිකව මෙනි. තත්පර කිහිපයක ඇවෑමෙන් කාර්ය අවසන්වූ අතර ඒ ක්ෂණයකින්ම ගිණිකූර ගෙන සිගරැට්ටුවක් දල්වාගති.
ශාලාවේ විවිධ තැන්වල මේස පුටු මත නැගුනු විවිධාකාර තරුණයින් ඔවුන්ගේ ලෝකවල ආශ්වාදය විදිමින් සිටී. ඉදහිට නිහඩතාවය බිදී ගියේ පිටතින් පැමිණියෙකුගේ හඩකිනි.
"උඹට ඕක නවත්තන්න පුළුවන්ද" ඒ මගේ ප්රශ්නයයි. "පුළුවන්, ඒත් හැමෝටම බෑ. ඒකයි මම උඹට කිවුවෙ කවදාවත් මේකට පුරුදුවෙන්න එපා කියල" "මොකක්ද ඕකෙයි මේකෙයි තියන වෙනස" "දැං උඹ සිගරැට් බොනවනේ, ජොයින්ට් එකත් ගහනවනේ ඔයදෙකේ ආතල්එකේ වෙනස උඹ දන්නවනේ. ඒවගේ තමයි මේකත්. එහෙම විස්තර කරන්න බෑ" "ඇයි උඹ ඩස්ට්එක ගහන්න ගත්තෙ" ඔහු මදක් කල්පනා කරයි,"මට ඕන උනා ඒක කොහොමද කියල බලන්න, එච්චරයි. උඹ දන්නවනේ අපි කොච්චර ජොයින්ට් ගැහැව්වත් මම තනියම ගහන්නෙ නෑ කියලා. ඒකට මට පාලනයක් තියනව. මේකත් මම දහදොලොස් වතාවක් කරල නවත්තනවා" ඔහු කියයි.
"උඹට පුළුවන්නං කියපං කුඩු ගහපු එකෙක් අදුරගන්නෙ කොහොමද කියල" මම කල්පනා කරමි...."නිදිමත ගතියෙන් වගේ ඉන්නවා""නෑ, ඒක ජොයින්ට් වලත් තියනවනේ, ඒක නෙවෙයි කුඩු ගහල ඉන්නකොට නහය කසන්න ගන්නවා.හරියට දෙදරණ බස් එකක හිටගෙන යනකොට නහයඅග කසන්න ගන්නෙ , අන්න ඒවගේ."
"හරි එහෙනං කියපං අළුවලින් කොහොමද අදුරගන්නෙ ඒක සිගරට් අළුද ජොයින්ට් අළුද කියල""ඒක නං මම දන්නවා, සිගරට් අළු හුලගට යන්න බලනව.ගුලියක් වගේ රෝල්වෙනවා. ජොයින්ට් අළු වැටුනතැන තියනවා.හරියට ගොමගොඩක් වගේ"
"හරියට හරි, අපේ ළමයෙක් කවදහරි අමුතු විදියට ඉන්නවනං අපට පුළුවන් ඌ ගහල ඉන්නෙ ජොයින්ට්ද අරක්කුද කුඩුද කියල කියන්න"
"ඒ ළමයි හිටියොත්නෙ, මේ ගහන ගැහිල්ලට ළමයි හදාගන්න පුළුවන්වේවිද කවුද දන්නෙ?" .
"අන්න අර ඩයල්එක දිහා බලපන්" සුදු පැහැති ටී ෂර්ට් එකක් හා කළුපැහැත් ඩෙනිම් කලිසමකින් සැරසුනු අවුල්වගිය හිසකෙසින් යුත් තරුණයෙකු ඇසින් පෙන්වමින් ඔහු සෙමෙන් කියයි.
"මේකෙන් වෙන හාණිය පෙන්නන්න පුළුවන් ලෝගෝ එකක් තමයි ඕක" "ඇයි, කවුද ඒ..""මචං ඕකා ...... ලග හිටියෙ සෙකට්‍රි වගේ, ඌට කෝල් එකක් ආවම ෆෝන් එක දෙන්න වගේ වැඩ තමයි මූ කලේ. අපි දෙන්නම එක දවසෙ ඉස්සෙල්ලම ඩස්ට් එක ගැහුවෙ. මම සතියකට වගේ සැරයක් ගහනකොට මූ ඩේලි ගැහුව, දැන් ජොබ්එක කරන්නෙත් නෑ. මුලදී හොදම බඩු අරගෙන ගැහැවුවෙ අනිත් එවුන්ටත් දීල, දැං මූ යන්නෙ අමාරුවෙන්. තව ටිකක් කල් ගියාම මූ වැල්වල වනල තියන රෙදි හොරකං කරන ගානට එන්නත් පුළුවන්. පේනව නේද මේකෙ හාණිය" කුඩුගැහීමේ ආදීනව කියාදෙමින් මිතුරා දිගටම දොඩමළුය,
"උඹ දන්නවද සිගරට් වලයි බියර්වලයි හාණියෙ වෙනස?" හේ තවත් මාතෘකාවකට මුලපුරයි. "ඒ කියන්නෙ""ඉස්සෙල්ලම බියර්එකක් බොන එකා ඊලගට බොන්නෙ අරක්කු. ඌට යන්න පුළුවන් උපරිම දුර තමයි අරක්කු. ඒත් සිගරට් එක බොන එකා ඊට පස්සෙ ජොයින්ට් ගහනව, ඊට පස්සෙ ඈෂ් ගහනව, ඊට පස්සෙ කුඩුයි කොකේනුයි ගහනව.අරක්කු ඩේලි ගහන එකෙකුට බාගයක් ගානෙ ගැහුවත් රුපියල් පන්සීයකින් හයසීයකින් ෂේප් වෙන්න පුළුවන්. ඒත් ඩේලි කුඩු ගහන්න සෙට් උනොත් දවසකට රුපියල් එක්දාස් පන්සීයක්වත් යනව අඩුම ගානෙ.ලග තියන සල්ලි ඉවරඋනාම ගෙදරින් සල්ලි දෙන්නෙ නැතිවුනාම අම්ම තාත්ත හරි විකුණල කුඩු ගහන්නමයි හිතෙන්නෙ."
"හොරකම් කරන්නෙත් ඒකනෙ" "හ්ම්. මුං හොරකං කරන්නෙත් අමුතු විදියකට. උඹ දන්නවද?" "නෑ. කොහොමද?""මෙහෙමයි සික්එක ගහල ඉන්නකොට මොකක් හරි උස්සන්න පුළුවන් දෙයක් දැක්ක කියල හිතපංකො. මුං ඊට පස්සෙ යන්නෙ ඒක විකුණගන්න පුළුවන් කියල හිතෙන ඩයල් එකක් ලගට. ගිහිල්ල ඌට ටෝක දෙනවා, ...... බඩුවක් තියනවා ගන්නවද ගන්නවනං කීයටද කියල. ගාන කතා කරගත්තට පස්සෙ තමයි භාන්ඩෙ උස්සන්නෙ"
"මරුනෙ""ඔව් ඒවගේ ඩයල් තමයි ඉන්නෙ. එක කුඩ්ඩෙක් කරපු වැඩක් කියන්නං. ඌ දැකල තියනව එලවළු කඩේක පොල්ගෙඩි වගයක් තියනවා. මූ මොකද කලේ ඊට අල්ලපු තේ කඩේ මුදලාලිගෙන් අහනව පොල් ගෙඩි ටිකක් තියනව කීය ගානෙ ගන්න පුළුවන්ද කියල. ගාන කතා කරගෙන මූ එලවළු කඩේට ගිහිල්ල කියනව, මම එහා පැත්තෙ තේ කඩේ වැඩ කරන්නෙ, මුදලාලි කිව්වා මේ පොල්ටික ගේන්න කියල. එලවළු කඩේ මුදලාලිත් විශ්වාසෙට සල්ලි නොගෙන පොල්ටික දෙනවා. අන්තිමට මූ සල්ලි ටිකත් අරගෙන පොල් තිබුන බෑග් එකත් එලවළු කඩේට දීලයි මාරුවෙන්නෙ. බලපං දෙන ගේම්"
"ඒකත් හොදයි තමයි""හුගක් විට මෙතෙන්ට ඉස්සෙල්ලම එන එවුන් එන්නෙ සෙට් එකකුත් එක්ක. ඊට පස්සෙ ටික ටික තන්යම ගහන්න පටන් ගන්නවා. ජොයින්ට් එකක් ගහනකොට බෙදාගෙන ගැහුවට ඩස්ට් එක ගහන්නෙ තනියම. මොකද තමන්ගෙ වියදම තමංම හොයාගන්න ඕන නිසා"
"අර අතන ඉන්නඑකා බලපන්" මිතුරා යලිත් ඉගි කරයි"ඌ ඔය බලං ඉන්නෙ සල්ලි නැතුව. ෂොට් එකක් කාගෙන් හරි ලැබෙනකං. ඔයවගේ එවුන් ඉන්නව මේවගේ තැන්වල. අනිත් එවුන්ට කෙලගහන්න සොපින් බෑග්එක පවා මුං අල්ලනවා"
"මෙතෙන්ට බඩු එන්නෙ කොහොමද""මේව තියෙන්නෙ හෙනම රහසිගතව.දැං බලපං ගමක තියන කසිප්පු පොට් එක ගමේ පොඩි එකාගෙ ඉදල දන්නවා. ඒවගේම ඕන කෙනෙකුට බොන්නත් පුළුවන්. ඊලගට ජොයින්ට් විකුණන තැනක් ගත්තොත් ලේසියෙන් ගන්න බෑ දැනගත්තත්. ඩස්ට් එක ඊටත් වැඩිය අමාරුයි. ෂුවර් කස්ටෙක් දහපාරක් විතර රෙකමන්ඩ් කරාම තමයි දෙන්නෙ"
"හරි මේවා කොහෙන්ද?" "උඹට කිවුවොත් පුදුම වේවි. උඹලයි ඔෆීස් එකට මෙහා තියන බෝගහ ලගින් පොඩි පාරක් තියනවනේද?" "ඔව්" "ආන්න ඒ පාරෙ තමයි තැන තියෙන්නෙ" "නෑ..." "මම එක දවසක් ගියා ඒකයි දන්නෙ" "දපි යමුද?" "හා"අදුර ගලා එමින් පවතී. ශාලාවට පිවිසෙන්නවුන්ද වැඩිවෙම්න් පවතී. ඔවුන් සියල්ලෝම තාරුන්‍ය දියකරහැරුමට අදුරට පෙම්බදින අයයි.
1948 ශ්‍රී ලංකාව නිදහස ලැබුවද සමහර අවස්ථා වලදී තවමත් රට පාලනය කරන්නේ සුද්දන්දැයි සිතෙන්නේ අපේ උදවිය ඔවුන්ට දක්වන ගැතිකමේ තරම දුටු විටය.
පෙරේදා දිනයේදී මා සහ විදේශයක සිට පැමිණි ඥාති සහෝදරයෙක්ද තවත් ඥාති පිරිසක්ද සමග කතරගම දේවාලයට ගියේ එම සහෝදරයාගේ කාර්යක් සදහාය. පස්වරු 6.30ට පමන ආරම්භ කල දේව පූජාව සදහා බැතිමතුන් පැමිණ සිටි අනුපිළිවෙලට තෝරාගන්නාලද අතර ඉන්පසු කිසිවෙකුටත් ඇතුළු වීමට ඉඩ දුන්නේ නැත. ප්‍රධාන දේවාලයේ දොරටුව ආවරණය කරමින් ඇදතිබූ ලණු මතින් පැණීමට කිසිවෙකුටත් ඉඩක් නොවූ අතර ඉන් පිටත රැදී සිටියේ ඊලග පූජා වාරය සදහා රැස්වූවන්ය. පූජාව පටන්ගෙන පැය භාගයකට පමණ පසුව පැමිණි විදේශිකයන්(සුදු ජාතිකයන් බව පැවසිය යුතුය) පිරිසකට ඇතුළු වීමට තම ශරීර කුදුගසමින් ඉඩ ලබා දුන්නේ එතෙක් ලාංකික බැතිමතුන්ට සිංහ වෙස් පෑ දේවාලයේ කපුවන්ය.
ආගමික ස්ථානවලදී පවා දාහේ දාහේ කොලවලට මුල්තැන ලැබෙන ශ්‍රී ලංකාවේ ජීවත්වන මටනම් මෙවැනි දේවල් පුදුමයක් නොවුනද අවසානයේ ඔහු ප්රකාශකල දේවල් තවත් වරක් සිතීමට පොළඹවනසුළු විය.
"මල්ලී, මට තේරෙන්නෙ නෑ අපේ මිණිස්සු සුදු හමට මෙච්චර ගරු කරන්නෙ ඇයි කියල. දැං බලන්න අපි මෙහෙම උනාට ඉන්දියාවෙ කෝවිලකට යන්න මේ විදියට ඉඩ දෙනවද? එක සැරයක් එහේ නිව්ස් වල ගියා අපේ ජනාධිපති තුමයි ආර්යාවයි තිරුපති කෝවිලට ගිහිල්ල ආරාධනාවකට අනුව. ඒත් එයාල දැනගෙන ඉදල නෑ ආර්යාව කතෝලික කියලා, දැනගත්තට පස්සෙ එයාල කෝවිලම සේදුව කියලයි නිව්ස් එක ගියේ.
මෙතන තියන ලොකුම වැරැද්ද ඒකත් නෙවේ මුං මෙහෙම සුද්දන්ට නැවෙනකොට එහේ ඉන්න අපි ගැනත් උං හිතන්නෙ ඒ විදියට".
ටික දවසකින් හිනාවෙන්නත් බැරිවුනානෙ. ඒ උනත් අනිත් බ්ලොග්වල තිබුන කතන්දර බලල හිනා නූන නෙවෙයි. රග්බි වර්ල්ඩ් කප් එක ගැන දාන්න හිතං හිටිය පෝස්ට් එක ටික ටික පරක්කු උනා. දැං ඉතිං ඒකත් ඉවරයි. හරි අද කියන්න යන්නෙ දාන ගෙවල් පිරිත් ගෙවල් මළ ගෙවල්වල සිද්ධ වෙච්චි සත්‍ය අසත්‍ය කතා.
ඉස්සෙල්ලම දානෙ ගෙදරක කතාවක්. මේක සමහරු අහලත් ඇති.
ඔන්න ගෙදරක සාංඝික දාණයක් තිබුනලු. කෑම භාජන අතින් ගත්ත නිවැසියන් හාමුදුරුවරුන්ට පිලිගන්වගෙන යනවලු. ගෙහිමිය අතේ තිබුනෙ මස් භාජනය. හාමුදුරුවොයි ගෙහිමියගෙයි කතාව මෙහෙමයි.
ගෙහිමියා : හාමුදුරුවනේ මස්.... හාමුදුරුවෝ: මොනවද මහත්තයෝ මස් ජාතිය. ගෙහිමියා : හාමුදුරුවනේ කුකුල් මස්.. හාමුදුරුවෝ: පව් අහිංසක සතා.....හ්ම්...එහෙනං පීකුදු කෑල්ලකුයි හොදි චුට්ටකුයි දාන්න. ********************************************************************ඊලග කතාව පිරිත් ගෙදරක කතාවක්. මේක කිවුවෙ මගේ කලිං ඔෆිස් එකේ හිටිය මංගල අයිය. එහෙ හිටිය කම්මැලි මිස් කෙනෙකුගෙන් එයා ඇහුව ....මිස් මොකද පිරිත් ගෙදරක ගියා වගේ කියල, මම විස්තර අහපු වෙලාවෙ එයා මේක කිවුවෙ.
ඔන්න ගමක ගෙදරක හිටියලු නෝනයි මහත්තයයි දෙන්නෙක්. මේ නෝන හරි කම්මැලියිලු.නිතරම නිදිලු. ඒ වගේම කිසිම දේකට උවමනාවක් නැහැල්ලු(දන්නෝ දනිති). මහත්තයට ඒ කියන විදියෙ උවමනාවක් හැදුනම පොඩි ටච් එකක් එහෙම දානවලු. එතකොට නෝන කරන්නෙ ඇදගෙන ඉන්න ඇදුම ගලවල දාන එකලු. ඊට පස්සෙ ආයෙත් නිදි.
දවසක් මේ දෙන්න ගියාලු පිරිත් ගෙදරකට. සුපුරුදු විදියට විනාඩි 5ක් යනකොට නෝන නිදි. ටික වෙලාවකින් බිස්කට්, කෝපි එහෙම ලැබෙන්න ගත්තලු. මහත්තය කරල තියෙන්නෙ නින්දෙ හිටිය නෝනව කූද්දපු එක. නෝන එකපාරටම නින්දෙන් අවදිවෙලා "ආ..ඔන්න" කියල ඇදගෙන හිටිය බ්ලවුස්එක ගලවල දැම්මලු.
******************************************************************** දැං කියන්න යන්නෙ මළගෙවල් වල කතා.මේ සිද්ධි තුනම ඇත්ත ඒවා. අපි කැම්පස් එකේ දෙවන අවුරුද්දෙද කොහෙද ඉන්න කාලෙ යාළුවෙකුගෙ තාත්ත කෙනෙක් මැරුණා. කස්ටිය වීක්එන්ඩ් එකේ මළගෙදර ගියත් සිකුරාදා ගෙදර ගිය කෙනෙකුට මළගෙදර යන්න බැරිඋනා. ඊට පස්සෙ දවසක අර යාළුව මුනගැහිල කියනවා,
"මචං මට එන්න උනේ නෑ,... අම්මගෙ එකටවත් එන්නං"අපේ සීනියර් බැච් එකේ මේවගේම ඩයල් එකක් කියල තිබුනා මෙහෙම,(මැරිල තිබුනෙ යාළුවෙගෙ අම්ම කෙනෙක් හරි තාත්ත හරි)
"මචං ගනංගන්න එපා ෆිට් එකේ ඉදපන්"තව සිද්ධියක් දැන් මතක් උනා. ඒක උනේ අපි පලමු අවුරුද්දෙ ඉන්න කාලෙ සීනියර් බැච් එකේ අක්ක කෙනෙකුගෙ ආච්චි කෙනෙක් මැරිල කියල එහේ ගියා. බලනකොට මැරිල තියෙන්නෙ ආච්චි නෙවේ ආච්චිගෙ යාළුවෙක්.
අන්තිම කතාව සිද්ධවුනේ අපේ රවී අයියගෙ සීය මැරුණ වෙලාවෙ.
ඒ වෙලාවෙ අපි කතාවුනේ තොරණට ගහන වාක්‍ය මොකක්ද කියල. එක එක කෑලි ඕවයෙ ගහනවනේ. ඒගැන කස්ටිය වාද කරනවා. මේ වෙනකොට සම්මත භෞතික තත්ව ඉක්මවා ගිහිල්ලයි හැමෝම හිටියෙ.
එකෙක්: අපි ගහමු බං "පිය සෙනෙහසක නිමාව" කියල. තව එකෙක්: නෑ අපි ගහමු "පියානනි ඔබට නිවන්සුව" කියල තවත් එකෙක්: නෑ නෑ ගහමු "පැන්ෂන් එක නැතිවුනා" කියලා. රවි අයියගෙ සීය පෙන්ෂන් පඩියක් ගත්ත කෙනෙක්.පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කරන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඩී.බී.එල්. ධර්මප්‍රිය මහතා ප්‍රකාශ කරන පරිදි දින 15ක් ඇතුලත පැවරීම සිදු නොකරන වාහන වලින් දිනකට රුපියල් සීයක බදු මුදලක් අයකිරීමට තීරණය කර ඇත.
මෙය තවදුරටත් පැහැදිලි කිරීම සදහා උදාහරණයක් ගෙන බලමු.යම් පුද්ගලයෙක් 2007.01.01 දින අවුරුදු තුනකින් ගෙවීමේ ලීසින් පදනම මත වාහනයක් මිලදීගත්තේ යයි සිතමු.
එවිට වාහනය ලියාපදිංචිය සිදුවන්නේ(වාහනයේ පොත-CR-හි මෙය සටහන් වේ),# අයිතිකරු අදාල පාරිභෝගිකයා ලෙසද, # පරම අයිතිකරු ලීසින් සමාගමද ලෙසය.
නියමිත පරිදි වාරික මුදල් ගෙවූ පසු අයිතිකරුට වාහනය අයත් වන්නේ 2010.12.01 දිනයි. නව නීතිය අනුව එතැන් සිට දින 15ක් ලැබෙන අතර ඉන්පසු දිනකට රුපියල් 100 බැගින් දඩ මුදල් ගෙවීමට සිදුවේ.
පරම අයිතිය ලීසින් සමාගම සතුවද අයිතිය තමාගේම නමටද ඇතිවිට සාමාන්‍යයෙන් බොහෝ දෙනා පැවරීම සිදු කිරීම අතපසු කරන බව මා අත්දැකීමෙන් දන්නා කාරණයකි. ඒ අනුව අවුරුද්දක් ප්‍රමාදවූ වාහනයක් සදහා ගෙවීමට සිදුවන මුදල රු.36500.00කි.
අවුරුදු කිහිපයක් පැවරීම අතපසු කල වාහනයක දඩමුදල වාහනයේ වටිනාකමද ඉක්මවා යා හැකිය.
ප.ලි- ඔබ මෙම ගැටළුවට ලක්වී ඇත්නම් උපදෙස් ලබාදිය හැකිය. සහනදායී ගාස්තු! හරිගිය පසු මුදල්! වාරික වශයෙන්ද ගෙවිය හැක.:D
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ මරණයේ උණුසුම මැකී යමින් පවතී. දුමින්ද සිල්වා තවමත් රෝහල්ගතව නොසිටියේ නම් එය මේ වනවිටත් අතීතයට එක්වූ කාරණාවක් පමණක්ම වීමට ඉඩ තිබුනි. කෙසේ වුවද තව මාසයක් දෙකක් ඉක්ම ගියතැන මෙය, නඩු දිනයේදී පමණක් ප්‍රවෘත්තියක් වන තරමේ සුළු සිද්ධියක් වනු නොඅනුමානය.
සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවේචනය වන්නේ මණාප ක්‍රමයට දොස් නැගිමයි. අමතර වශයෙන් වැඩිදුර යන්නන් ජේආර්ට සහ ඔහුගේ ක්‍රමය මුවහම කරලගෙන ඇත. තමාගේම පක්ෂයේ දෙදෙනෙක් කා කොටාගෙන එකෙකු මියගොස් අනෙකා බරපතළ තුවාල ලැබූ කල මනාප ක්‍රමයට දොස්නැගීම හැර, එල්ලෙන්නට වෙනත් ශක්තිමත් වැලක් ඔවුන්ට නොමැත.
මේ වනවිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඉක්මවා බලය ඇති ආණ්ඩුව ගන්නා ක්‍රියා මාර්ගය රටේ අනාගතය සම්බන්ධයෙන් අතිශයින්ම වැදගත්ය. අනෙක් අතට කවුරු කෙසේ කීවද අවසාන තීරණය මහින්ද රාජපක්ෂ මහතා අත බව පැහැදිලිය.
රජය පාර්ශවයේ මැති ඇමතිවරුන් පවසන ආකාරයට මණාප ක්‍රමය අහෝසිකර යලිත් පැරණි ක්‍රමය හෝ ඊට තරමක් දුරට සමාන ක්‍රමයකට ගමන්කිරීම ප්‍රශ්නයට විසදුමක් වේද?
මගේ අදහස නම් නැත යන්නයි.මණාප ක්‍රමය අහෝසිකර යලිත් පැරණි ක්රමයම මැතිවරණයට පැවැත්වීමට තීරණය කලේ යයි සිතමු. එවිට එක් ආසනයකට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බැගින් පත්වේ. මැතිවරණයේ කටයුතු දැන් පවතින ආකාරයටම සිදුවුවහොත් එකම පිලේ මනාප පොරය අවසන් වන නමුදු අපේක්ෂකයා සතු මුළු බලයම තම ප්‍රතිවාදියා මත හෙලීම වැලැක්විය හැකිද? තමා නිකුත්කල නියෝගය අපේක්ෂකයන් පිලිනොපදින තත්වයක් යටතේ එම නියෝගය හකුලාගැනීමට සිදුවූ මැතිවරණ කොමසාරිස්වරයෙක් සිටින රටක ක්‍රමය වෙනස්වූ පමණින් සියල්ල හරියාවි යයි උපකල්පනය කලහැකිද?
මෙහි තවත් පැතිකඩක්, මුල්ලේරියාවේ සිදුවීමෙහි මූල බීජය පැමිණ ඇත්තේ කොහෙන්දැයි සොයාගැනීමෙන් අනාවරණය කරගත හැකිය. එනම් ආසනයේ "ලොක්කා" වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විරුද්ධ පුද්ගලයෙක් පළාත්සභා හෝ ප්‍රාදේශීය සභාවට තරග කලහොත් ඇතිවන තත්වය කෙබදු වේදැයි කල්පනා කල යුතුය. එම ගැටුම නැවැත්වීමට නම් අනිවාර්යෙන්ම ලොක්කාගේ හෙන්චයියෙකු පළාත් සභා හෝ ප්‍රාදේශීය සභාවට තරග කලයුතුමය.
යම් ආසනයක පාර්ලිමේන්තු නියෝජිතයා වෙනස්වී එම පක්ෂයේම හෝ වෙනත් පක්ෂයක අයෙකු පත්වූ විටද ආසනයේ සිටින පළාත්සභා හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ඇතිවන තත්වය කෙබදු වේද?
මෙවැන් උදාහරන කොතෙකුත් දැක්විය හැකි අතර ක්‍රමය වෙනස්වනු වෙනුවට රටේ නීති පද්ධතියේ වෙනසකින් සැබෑ වෙනසක් කලහැකි බව මගේ විශ්වාසයයි.
ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 වසරේදී තිබූ ක්‍රමය වෙනස්කල පසු එකම පක්ෂයේ අපේක්ෂකයන් මණාප පොරය නිසා මරාගන්නා තත්වයක් නොතිබුනි.(තිබුනද සුළු වශයෙන් වියහැකිය). අද පවතින ක්‍රමය, එදා ක්‍රමය පරිණාමය වීමෙන් ඇතිවූ විකෘති තත්වයක් වන අතර මෙසේ වීමට හේතුව (මා දකින පරිදි) ප්රචන්ඩත්වයේ වර්ධනයට/විකාශනයට සාපේක්ෂව යහපාලනය ඇතිකිරීමට ගන්නා ලද ක්රියාමාර්ගයන්හි වර්ධනය/විකාශනය ප්‍රමාණවත් හා ගුණාත්මක නොවීමයි. මේ සදහා 1978 සිට මේදක්වා පැවති සියළුම රජයයන් වගකිවයුතු අතර වෙනසක් කිරීමට බලය තිබියදීත් වෙනස සිදු නොකරන්නේ නම් වර්තමාන රජය අතීතයට එක්වූ දිනෙක ඔවුන්ට එල්ලවන චෝදනා කිහිප ගුණයකින් වැඩිවනු ඇත.
මා යතුරු පැදියෙන් අද දින උදෑසන තරමක් ප්‍රමාදවී කාර්යාලයට පැමිණෙමින් සිටින අතර ඉදිරියෙන් පැමිණි යතුරු පැදියෙන් අනතුරු හගවන සඥා එලියක් දැල්විණි. ඔහුගේ පරමාර්ථය ඉදිරියෙන් පොලිසිය සිටින බව මාහට දැන්වීමය.
මෙම අත්දැකීමට මුහුණ නොදුන් රියදුරකු සිටිය නොහැකිය.මේ කාරණාව සමග සාකච්ඡා කිරීමට යන්නේ එක් එක් ක්ෂේත්‍ර වලට සීමා වී ඇති සමගිය හා අසමගිය ගැනය. එහි සුලභම උදාහරණයක් වන්නේ පොලීසිය සහ රියදුරන්ය. මේ ක්‍රියාව එතරම්ම ප්‍රඥා ගෝචර නූනත්(මක්නිසාද යත් මාර්ග නීතිරීති තුට්ටුවකටවත් නොතකන මගමරුවන්ටද මේ තුලින් නීතියෙන් ගැලවීමට අවකාශ සැලසේ) ජාති ආගම් කුල භේද නොසලකා පොදු (පොලිස්) සතුරාට විරුද්ධව නැගී සිටින හැටි අපූරුය. මෙහිදී කෙනෙකුට උදව්වක් කිරීමේ චේතනාව සහ පොලීසියෙන් පළිගැනීමේ චේතනාව යන දෙකම තිබිය හැකිය. සමහර රියදුරන් පොලීසියේ දඩයකට ලක්වූ විට ඉදිරියට පැමිණෙන සෑම වාහනයකටම සඥා ලබාදෙති.
දැන් අපි තවත් ක්ෂේත්රයක් ගනිමු. මා 2006 වසරේ රැකියාව ලැබාගත් අතර එහිදී කාර්යාලයට ඉදිරිපත් කලයුතුව තිබූ වෛද්‍ය සහතිකය ලබා දීමට පමාවිය. ඒ සදහා රෝහලකට ගිය අවස්ථාවේදි මගේ පිහිටට පැමිණියේ මාගේ ක්ෂේත්රයේම වැඩකරන නිලධාරිණියන් කිහිපදෙනෙකි. ඊට පෙර දැක හෝ නොතිබූ ඔවුන් මා වෙනුවෙන් ඉතා විශාල කාලයක් ශ්‍රමයක් වැයකලේ මාද ඔවුන්ගේ කෙනෙක් යන හැගීමෙනි.
මා දන්නා, තවත් සිද්ධියක් නම් එක්තරා රෝහලක වෛද්‍යවරයෙකුගේ වැරැද්දෙන් රෝගියෙකු මියගිය අතර මරණ පරීක්ෂණය සිදුකල වෛද්‍යවරයා මරණයට හේතුව වසං කර වෙනත් හේතුවක් දැක්වූයේ තමාගේ වෘත්තීය සගයා ආරක්ෂා කිරීමයි.
මෙහි ප්‍රතිවිරුද්ධ පැත්තක්ද ඇත. ජ්‍යෝතිෂයේ සිටින "අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරී" පක්ෂීන් මෙන් අසමගිකම් සහිත ක්ෂේත්රද ඕනෑතරම් ඇත.
උදාහරණයක් ලෙස තමා අයත්වන අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් ගැන ගුරුවරයෙකුගෙන් ඇසුවහොත් ඔහුගෙන් සුද්ධ සිංහල වචන මාලාවක් අසාගතහැකිය.
රෝහලක සිටින කාර්යමණ්ඩලය අතුරින් ප්‍රථිකාරවලට සම්බන්ධ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, සාත්තු සේවකයන් ආදීන් සහ එහි පරිපාලන කටයුතු වලට සම්බන්ධ නිලධාරීන් අතර ඇත්තේද එකිනෙකා නුරුස්සන ස්වභාවයක් වන අතර අවස්ථාවක් ලද සැනින් එකිනෙකාගෙන් පළිගැනීමට මොවුන් සැරසී සිටිති.
මා අධ්‍යනය කල යම්යම් ක්ෂේත්රවල නිරත වන්නන් මෙසේ වීමට නිශ්චිත-පොදු හේතුසාධක සොයාගැනීමට අපොහොසත් වුවත් ඉතා කුඩා සිද්ධීන් මේවාට මූලිකවි ඇත.
මා දන්නා කාර්යාලයක මෙවැනි භේදයක් තිබූ අතර එහි දෙපාර්ශවය වූයේ 2004 වසරේ රජයේ උපාධිධාරී වැඩසටහන යටතේ පත්වූ උපාධිධාරීන් සහ ඊට පෙර කාර්යාලයේ සිටි අනෙකුත් නිලධාරීන්ය. භේදය ඇතිවීමට හේතුව ඉතා සුළු සිද්ධියක් වුවත් ප්‍රථිපලය වූයේ කාර්යාලයේ කාර්යක්ෂමතාවයට බාධා ඇතිවීමයි.
මේවා සීයට සීයක්ම නැවැත්විය හැකි සිදුවීම් නොවේ.කුමන පාර්ශවයකට අයත් වූවත් තමා ඉදිරියේ සිටින්නා දෙස මිතුරු ආකල්පයකින් බැලීමට හැකිවු දිනෙක සමාජය මීට වඩා යහපත් තැනක් වනු ඇත.
හරි ඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ ඊයෙ දාපු පෝස්ට් එකත් එක්ක හිට් කවුන්ටරේ 5000 සටහන් උනා කියනඑක. 2011 අප්‍රේල් පටන්ගත්ත බ්ලොග් ලිවිල්ල මේ වෙනකොට හතලිස් දෙවාරයක් ලියල තියනවා. මම මේ බ්ලොග්එක පටන් ගන්නකොට හිතාගෙන හිටියෙ, මගේ හිතේ ඇදිල තිබුණු කෙටිකතා දෙකතුනක වස්තුබීජ ටික පැළකරලා දාන්න. ඒත් වැඩේ කියන්නෙ ඒ දේවල් පැත්තකට ගිහිල්ලා කතන්දරයි දේශපාලනයයි ලියන තත්වෙට මංතුමා පත්වෙච්චිඑක.(මීට අමතරව ක්‍රීඩා පෝස්ට් දෙකතුනක් ඇති මං හිතන්නෙ).
කොහොම උනත් අද දවසේ සිහිකිරීම්/සැමරුම් ගොඩක් තියනවා.# බුවාගෙ සිතිවිලි පෝස්ට් 100යි. # සදරුවගෙ හිස් අහසට අවුරුද්දයි. # බිගුවා බැදලා අවුරුදු හතරයි. # නිකමා හිට්ස් 10000යි. # මට හිට්ස් 5000යි.(කස්ටියම සෙයට්වෙන්න තිබුනනං කියලත් හිතෙනවා) එහෙනං මාත් එක්ක හිටිය හැමෝටම බොහොම ස්තුතියි. මෙන්න අද කතාව.
මේක මගේ සීනියර් බැච්එකේ අයිය කෙනෙකුට වෙච්ච මමත් දන්න සීන් එකක්. කිවුවෙ එයාගෙ බැච්එකේ වෙනත් අයිය කෙනෙක්.(ටිකක් අතිනුත් දාල මගේ හිතේ) ඒනිසා සත්‍ය අසත්‍ය තාවය 100%ක්ම කියල විශ්වාස කරන්නත් බෑ.
කතා නායකයගෙ නම කපිල කියල කියමු.(ඇත්තටම කපිල තමයි)මෙයා ගියා ප්‍රයිවට් කම්පැණියක ඉන්ටවීව් එකකට. මම නං ඉන්ටවීව් ගිහිල්ලා නෑ. අහල තියන විදියට ඒවයෙදි චූටි දේවල් පවා ලොකුවට බලනවලු.
ඕං කපිල අයිය ගියා ඉන්ටවීව් බෝඩ්එක ඉස්සරහට. වාඩිවෙන්න කිවුවා. කැරකෙන පුටුවක් තිබුනෙ වාඩිවෙන්න. මෑන් බරදාලා වාඩිවෙන්න හැදුව විතරයි පුටුව ලිස්සල ගියා අඩි ගානක් ඈතට...
ඊට පස්සෙ පුටුව හදන්න චුට්ටක් පහත් උනා විතරයි ෂර්ට් එකේ උඩ සාක්කුවෙ තිබුන රුපියලේ දෙකේ කාසි ලොට් එකක් වැටුනා සල සලාං ගාලා.
ඒටික ඇහිදගෙන ආයෙත් වාඩිවෙනකොට ඒසී රූම් එකක හිටියත් මෑන්ට හොදටම දාඩියදාලා. අහපු ප්‍රශ්න වලට හීනෙං වගේ උත්තර දෙනකොට සේවකයෙක් තේ අරගෙන ආව. අපේ මෑන්ටත් ආරාධනා කලා තේ බොන්න. පැටිස් ද මොනවදත් තිබුනලු කන්න. වෙච්ච සීන් වල හැටියට ආරාධනාවට පොර ඇඹරෙනවලු. පස්සෙ ඉන්ටව් බෝඩ් එකේ ලොක්ක කිවුවලු "කමක් නෑ කන්න" කියලා. එකක් කාල බලනකොට පැටිස්එක රසයි වගේ ලු. ඒ ගමන තවත් එකක් කාලා ටී එකත් බීලා සාක්කුවට අත දැම්මලු ලේන්සුව ගන්න. මොන! ඒකත් අමතක වෙලා!
සර්වියට් එකත් ඉන්ටවු බෝඩ් එක ගානෙ. අන්තිමට මොකක්ද අස්සනක් දාන්න කිව්වලු ඒකට පෑනත් ඉන්ටවු බෝඩ් එකෙන්.ඔයවගේ සාර්ථක සම්මුඛ පරීක්ෂණයකින් පස්සෙ කපිල අයිය එලියට ආවෙ මහා පරිමාණ චූ බරකුත් දරාගෙන. ලගපාත ටොයිලට් එකකුත් නෑ, බර දරාගෙන ඉන්නත් බෑ. අපේ මෑන් පාරට ඇවිල්ලා ෆැක්ටරියෙම තාප්පෙට බර හෑල්ලු කරගන්නකොට ඒකෙ ගේට් එක ඇරුනා. ආවා කාර් එකක්, කාර් එකේ හිටිය මෑන් හිනාවක් දාගෙන බුවා පහුකරගෙන ගියා. දන්නවද ඒ කවුද කියල,
ඒ තමයි ඉන්ටව් බෝඩ් එකේ ලොක්ක.ලංකාවෙ අපි අමතකවීම අතින් ඉන්නෙ අංක එකේ කියල කියන්න අටුවා ටිකා ටිප්පණි ඕන නෑනේ. අපේ අයට ඕනම දෙයක් මතක තියෙන්නෙ සතියක් විතරයි. මේකෙන් කාලයක් හොදටම ප්‍රයෝජන ගත්තෙ ප්රභාකරන් උන්නැහේ. දැං එයා නැතත් අපේ පුරුද්ද එහෙමමයි. මේ කියන්නෙත් ඊට සම්බන්ධ කතාවක්.
මගේ යාලුවෙක් ඉන්නව රවී කියල (මං හිතන්නෙ එයාගෙ කතාවකුත් දාල තිබුනා). එයාට එයාගෙ යාළුවෙක් වන විදුලි උපකරණ වලට ප්‍රසිද්ධ සමාගමක මැනේජර් කෙනෙක් කතා කරනවා මෙහෙම. මැනේජර්: මචං රවී මට හොද විශ්වාසවන්ත කොල්ලො දෙන්නෙක් හොයල දෙන්න බැරිද ෂොප් එකේ වැඩට? කොහොමහරි මගේ යාළුවා මැනේජර් මහත්තයගෙ අවශ්‍යතාවය ඉෂ්ට කරල දුන්නා.ඊට පස්සෙ සතියක් ඇතුලත සිද්ධ වුනේ හොයල දීපු "විශ්වාසවන්ත" කොල්ලො දෙන්නගෙන් එකෙක්, ඒකෙ වැඩකරපු වැඩට දක්ෂ හොදම කෙල්ලත් එක්ක පැනල ගිය එක. මේ සිද්ධියට අදාලව කෙල්ලගෙ පාර්ශවයේ චෝදනා වලට මුහුණදෙන්නත් මැනේජර් මහත්තයට සිද්ධ වුනා. ඊට දවස් කිහිපයකට පස්සෙ සතියෙ දවසක ෂොප්එක වහල තියන නිසා මගේ යාළුවා ඒගැන විපරම් කරපු වෙලාවෙ තමයි සිද්ධිය දැනගත්තෙ.
තවත් සතියයි ගියේ මැනේජර් මහත්තයා ආයෙත් මගේ යාළුවට කතාකරල කියනවා, "රවී මට හොද විශ්වාසවන්ත කොල්ලො දෙන්නෙක් හොයල දීපං"මේ දවස් ටිකේම ජාලෙට එන්න බැරිවුනේ මැතිවරණ රාජකාරි සදහා සූරියවැව ප්‍රදේශයට ගිය නිසා. ඒ නිසා අද කතා කරන්න යන්නෙ මැතිවරණයත් එක්ක බැදුනු රාජ්‍ය සේවයේ උප සංස්කෘතින් ගැන කියන්න.
ඉලෙක්ෂන් එකට දවසකට හෝ දෙකකට කලිනුයි ඒ සදහා නිවාඩු ලැබෙන්නෙ(රාජකාරී ස්වභාවය අනුව). ඡන්ද මධ්‍යස්ථානෙක නං ඩියුටිය තියෙන්නෙ, කලිං දවසෙ හවස දෙක විතර වෙනකොට රාජකාරියට වාර්තා කරන්න ඕන. පිරිමි නිලධාරීන් මධ්‍යස්ථානයේ නැවතී ඉන්න ඕන කියල තමයි නීතියෙ තියෙන්නෙ. කිට්ටුව ඉන්න සමහරු රෑ වෙනකොට ගෙවල්වල ගියත් බොහොමයක්දෙනා රෑට මධ්‍යස්ථානෙ නවතින්න බලාගෙන එන්නෙ.
රාජකාරියට ඇවිල්ලා අත්සන් කරලා ඉවරවෙලා කරන්නෙ පසුදා අන්තිමට කරන්න ඕන වැඩවලින් කරන්න පුළුවන් ප්‍රමාණය ඉවරකරන එක. ඡන්ද පෙට්ටියත් එක්ක භාරදෙන්න ඕන කරන ලිපිලේඛණ ගොඩාක් තියනවා. මේ හැම එකක්ම එක එක කවර වල දාල දෙන්න තියෙන්නෙ. කවර වල අදාල කරුණු සටහන් කිරීම, පිරවීමට ඇති ආකෘතිපත්‍ර ආදියේ කොටස් පිරවීම වගේ දෙවල් තමයි කරන්නෙ. ඔය කියන වැඩ ටික අවසානයේ කාන්තා නිලධාරීන් ගෙවල්වල යනවා.
ඊට පස්සෙ තමයි හොදමහරිය තියෙන්නෙ. මෙතෙක් වෙලා එකට වැඩටික කරලා ඇතිකරගත් "ෆිට්එක" වර්ධනය කරගන්න තමයි පිරිමින්ගෙ ඊලග උත්සාහය. ආගිය තොරතුරු කතාබහ කරලා මාතෘකාවට එනවා.
"මොනවහරි කරනවද?"ඔය ප්‍රශ්නයෙන් පස්සෙ කන බොන අය සල්ලි එකතුකරලා "බඩු" ගේන්න යනවා. ඉස්සර නං ගොඩක්දෙනා ඩියුටි යන්නෙම "ගලක්" බෑග්එකේ දාගෙන. දැං පරම්පරාව එහෙම නැත්තෙ එයාල හොද අය නිසාද එහෙමත් නැත්නං හැමතැනම බාර් තියන නිසාද කියල දන්නෙ නෑ. අනෙක මෙතනදී මේකට කාගෙවත් තහංචියකුත් නෑ. මොකද ඉස්කෝල ගොඩනැගිල්ලක හරි ප්රජාශාලාවක හරි ඡන්ද පෙට්ටිත් පරිස්සං කරගෙන, මදුරුවො තලමින් "අමුවෙන්" නිදාගන්නව කියනඑක ලේසි වැඩක් නෙවේනෙ. ඊටපස්සෙ ඉතින් වෙනදේ කියන්න ඕන නෑනෙ. අවසානයේ කස්ටිය එක අම්මගෙ දරුවො වගේ වෙනවා. මේකට බොහෝවිට ඡන්ද පෙට්ටි ආරක්ෂාවට ඉන්න පොලීසියෙ රාලහාමිලා දෙන්නත් සහභාගී වෙනවා.
ග්‍රාම නිලධාරී මහත්තයගෙ සහයෝගය මෙතනදී අතිශයින් වැදගත්. එයාගෙ මාර්ගයෙන් තමයි මයියොක්ක, දඩමස්, කිරිපැණි වගේ දේවල් ලැබෙන්නෙ. "තනි අකුරෙ බඩු" තියන පළාතක නං ඒවත් ලැබෙනවා. ග්‍රාම නිලධාරී මහත්තය කුම්මැහියෙක් හරි එහෙම නැත්තං ගමේ උදවියගෙ අප්‍රසාදයට පත්වෙච්ච කෙනෙක්හරි උනොත් සොරිම තමයි. ග්‍රාම නිලධාරිණියන් හිටියත් ටිකක් විතර අවුල් තමයි. ඒ වුනත් "දුක හදුනන" නිලධාරිණියන් ඕන තරම් ඉන්නවා.(මට මතකයි එක සැරයක් මේවගේ රාලහාමිනේ කෙනෙක් අපිට තම්බපු මයියොක්කයි ගල් බෝතලයකුයි ගෙනත් දුන්න).බීම ඇරුනම මේවගේ තැන්වලදී නෑමත් ප්‍රධාන තැනක් ගන්නවා. දිය ඇල්ලක් ගගක් ඔයක් ... ආදී වශයෙන් "හොදට නාගන්න" පුළුවන් තැන් තිබුනොත් ඒවා ප්‍රයෝජනයට ගන්න අමතක කරන්නෙ නෑ.
ඡන්දෙ දවස ගැන කියනවනං "කටඇති පුතාල" හිටියොත් පාළුව මැකෙනවා ඇරෙන්න එදාට එහෙමකට ආතල් එකක් නෑ. "කාන්තා ඡන්ද පෝලිමේ" "සුලැගිල්ල පාටකිරීමේ" රාජකාරිය තමයි ටිකක්හරි හොද ඩියුටියකට තියෙන්නෙ. හතර උනාට පස්සෙ කවුරුත් ට්‍රයි කරන්නෙ ඉක්මනින් ගෙදර යන්න.
අවසානයේදී ඡන්දෙ ඉවරවෙලා ෆෝන් නම්බර් එහෙම ඉල්ලගෙන වෙන්වෙලා ගියත් ඊටපස්සෙ සම්බන්ධතා ඇතිවෙනව ගොඩක් අඩුයි කියලත් කියන්න ඔන.
දන්නව ඇතිනෙ එක එක්කෙනා සල්ලි තියාගන්න විදිය ගැන. පර්ස් එකේ, සාක්කුවේ වගේ එක එක තැන්වල සල්ලි දානවනේ. මට මතකයි මම දන්න සීය කෙනෙක් ඉන්නවා එයා සල්ලි දාන්නෙ අන්ඩර්වෙයාඑකේ තියන පුංචි සාක්කුවක් වගේ කොටසේ. කාන්තාවන් ගැන කතා කලොත් "එයාල සල්ලි දාන තැන් අතරෙ විශේෂ ස්ථානයක් තියනවා".(ඒ වාක්‍යයේ භාගයක් කියවගෙන එනකොට තැන මොකක්ද කියල තේරුනා නං නියම එල්.ඊ.ඩී. බල්බ්. තේරුනේම නැත්නං ටියුබ් ලයිට්:). මෙක කාන්තාවො දෙන්නෙක් අතරෙ ඇතිවෙච්ච කතාබහක්.
1වන කාන්තාව: මාර වැඩේනෙ උනේ, අද මහත්තයා බඩුගන්න රුපියල් දෙදාහක් දුන්න. ඒක පොකැට් ගහලනෙ. 2වන කාන්තාව: ඔය අතේ පර්ස් එක තියෙන්නෙ? 1වන කාන්තාව: නෑ නෑ සල්ලි තිබුනෙ හැට්ටෙ අස්සෙනෙ. 2වන කාන්තාව: ඉතිං ගන්නව දැනුනෙ නැද්ද? 1වන කාන්තාව: කවුද හිතුවෙ ඌ රුපියල් දෙදාහ ගනී කියල!මේ සිද්ධිය මීට සතියකට විතර කලිං අපේ සෑම් අයියට සිද්ධවෙච්ච දෙයක්. සිද්ධිය වෙච්ච දවසෙ සෑම් අයිය මට මේක කිවුවෙ. මේකට හිනාවෙන්නද අඩන්නද කියල මට නං තේරෙන්නෙ නෑ.
සෑම් අයියගෙයි මගෙයි කතාව මෙහෙමයි. මම: සෑම් අයිය කෑම ගෙනාවෙ නැද්ද? සෑම් අයියා: මාර වැඩේනෙ උදේ සිද්ධවුනේ. ඒ වැඩෙන් මට අද කෑමත් නෑ. මම: ඇයි මොකද? සෑම් අයියා: රාජ් මහත්තය දන්නවද ...... ඉංග්‍රීසි සර් ඇතුලෙ කියලා. මම: ඒ මොකද?සෑම් අයියා: මිණිහා උගන්වන ගමන් ළමයින්ගෙ එක එක තැන් අල්ලලා ඒ ළමයි ගෙවල්වලට කියලා. අම්මලා තාත්තලා පොලිසියට කියලා ......සර් දැන් ඇතුලේ. ඔය සිද්ධිය අද උදේ මගේ නෝනයි දුවයි කතාවෙනව ඇහුනා. ඊට පස්සෙ දුව ඉස්කෝලෙ ගියාම නෝනා කියනවා, "...... සර් බැදලනේ, ඇයි මිණිස්සු මේවගේ දේවල් කරන්නෙ බැදලත්" කියලා. රාජ් මහත්තයෝ මටත් ඊයෙ රෑ ඇරියස් එකක් තිබුනා. මාත් ඇගටපතට නොදැනී නෝනට කිව්වා එහෙනං මාත් බැදලනේ....කියලා. නෝනට ඕකට තරහ ගිහිල්ල උයන එකත් නැවැත්තුවා. අද මට කෑමත් නෑ මහත්තයෝ....
මට ගහගත්තේ මංමයි.
මට මතක විදියට මේ සිද්ධිය වුනේ මං දෙකේ පංතියෙ ඉන්න කාලෙ. ඒ කාලෙ මම ගියේ අපේ ගමේ තිබුන 6 වසරට වෙනකන් පන්ති පැවැත්වුන ඉස්කෝලෙට. ඒ දවස්වල අපේ පන්තියට ඉගැන්නුවෙ එකම මිස් කෙනෙක්. එයා මුළු දවසෙම ඉගැන්නුවෙ අපට. මං මේ කියන සිද්ධිය වෙච්ච දවසේ අපේ මිස් නිවාඩුයි. අපිට එදා අවුරුද්ද වගේ. සිංදු කියනවා, හොරාපොලිස් කරනවා, කඩදාසි කොල ගුලිකරලා ගහනවා, තවත් සමහරු අංගම්පොර ක්‍රීඩාවෙ... ඔය සතුට වැඩිවෙලා පැවතුනේ නැත්තෙ ප්‍රින්සිපල්තුමා පන්තියට සැපත්වීමත් එක්ක. හැබැයි මෙහෙම දෙයක් තියනවා. ප්‍රින්සිපල්තුමා ආපු දවසට මාස ගානකට හරියන ආතල්එකක් දීලා තමයි යන්නෙ.
ඔය කියන දවසෙත් එතුමා ඇවිල්ල සුපුරුදු ප්‍රශ්නෙ වන "මිස් නැහැ නේද?" කියල අහල පුටුවෙ වාඩිවෙලා කතාව පටන්ගත්ත. එදා කතාකලේ ටෙලිෆෝනය ගැන. ඒකාලෙ දැං වගේ මොබයිල් තියා එස්.එල්.ටී. ෆෝන් එකක්වත් අපේ ගමහරියෙ තිබුනෙත් නෑ.
කොහොමහරි ප්‍රින්සිපල්ට ඕන උනේ වයර්එක දිගේ පණිවිඩේ යනහැටි පෙන්නන්න. ඒකට එතුමා අපූරු උපක්‍රමයක් පාවිච්චි කලා. ළමයිටික පන්තිය වටේ පේලියකට හැදුවෙ කොන්දෙක ගුරුමේසය දෙපැත්තෙන් අවසන්වෙන විදියට. ඊටපස්සෙ එක කොනක ඉන්න ළමයට සර් රහසින් වචනයක් කියනව. එයා ඊලග ළමයට ඒ වචනෙ රහසින් කියනව. ඔය විදියට අන්තිම ළමය කියන්න ඕන ප්‍රින්සිපල් කියපු වචනෙ මොකක්ද කියලා.
ඔන්න ඉස්සෙල්ලම ප්‍රින්සිපල් කිවුවා. කිවුවෙ "බල්ල පොල්කෑල්ලට පැන්න" කියලා.(හිනාවෙන්න එපා එයාගෙ වචන ඔයවගේ තමයි...:D)
අවුට්පුට් එක ආවෙ වෙන මොකක්දෝ කුණුහරුපයක්.(හරියට මතක නෑ)ප්‍රින්සිපල්ගෙ ව්‍යායාමය සම්පූර්ණයෙන්ම වතුරෙ. ඇයි හත්දෙයියනේ කියපුඑක නෙවෙයිනෙ ආවෙ! ඒත් උන්නැහේ නෙවේ වැඩේ ඇතෑරියේ.
"හරි ඒ වාක්‍ය දිගවැඩියි. අපි පොඩි වචනයක් කියමු" කියලා. ඊලගට කිවුවෙ "කටුස්සා" කියලා. ඒකෙ අවුට්පුට් එක වුනේ "කටු කම්බිය"...:Dදැං ඉතිං මක්කොරන්නෙයි. ඊටපස්සෙ ට්‍රයිකලේ වරද සිද්ධවෙච්ච තැන හරියටම හොයාගැනීම. ඒකට පාවිච්චි කලේ එක එක ළමයගෙන්, තමන්ට කලිං ලමය කිවුවෙ මොකක්ද කියල අහනඑක. වැඩේ කියන්නෙ දෙතුන්දෙනෙකුගෙන් අහගෙන යනකොට සර්ට ඒකත් එපාවුනා. කොහොම උනත්,
"හරි ඔන්න ඔය විදියට තමයි වයර්එක දිගේ පනිවිඩේ යන්නෙ" කියලා ප්‍රින්සිපල් තුමා යන්න ගියා.